බේරුවල ධීවර වරායේ මුරකරුවෙකු මුහුදට ඇද වැටී අද අලුයම මියගොස් ඇතැයි බේරුවල පොලිසිය පවසයි.
සිද්ධියෙන් මියගොස් ඇත්තේ වයස අවුරුදු හැට තුනක් වන පාදාගොඩ පදිංචිව සිටි කාලවිල පතිරගේ නීහාල් පත්මසිරි නැමැත්තෙකි.
අද අලූයම එකට පමණ මෙම අනතුර වී ඇත. මිය ගිය පුද්ගලයාගේ මළ සිරුර පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා කලුතර නාගොඩ රෝහල වෙත යොමු කිරීමට බේරුවල හදිසි මරණ පරීක්ෂක රෙජිනෝල්ඩ් හෙට්ටිආරච්චි මහතා පොලීසියට නියෝග කරන ලදී.
බේරුවල පොලිසිය පරීක්ෂණ පවත්වයි.
බණ්ඩාරගම බිමල් ශ්‍යාමන් ජයසිංහ / පානදුර සුමිත් පොතුපිටිය