සෞදියේ ඉදිකිරීම් රැකියා සඳහා දොරක්
සවුදි අරාබියෙහි ආරම්භ කිරීමට සැළසුම් කර ඇති දැවැන්ත ඉදිකිරීම් ව්‍යාපෘතිවල වෘත්තීය රැකියා අවස්ථා ලබා ගැනීමේ අරමුණෙන් සුදුසුකම්ලත් ශ්‍රි ලාංකිකයින්ගේ තොරතුරු එක්රැස් කිරීමේ වැඩපිළිවෙලක් ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය විසින් ආරම්භ කර තිබේ.
අදාළ ව්‍යාපෘතිවල ගෘහ නිර්මාණ ශිල්පීන් (Architects), ඉංජිනේරුවන් (Engineers) සහ ප්‍රමාණ සමීක්ෂකයින් (Quantity Surveyors) සඳහා රැකියා ඇබෑර්තු රාශියක් ඇතිවිය හැකි බැවින්, එම අවස්ථා ශ්‍රී ලාංකික වෘත්තිකයන්ට ලබා ගැනීම සඳහා සෞදි අරාබියේ ශ්‍රි ලංකා තානාපති කාර්යාලය හා ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය සෞදි ආරාබියේ බලධාරීන් සමග සාකච්ඡා කිරීමට නියමිතය.
ඒ අනුව, ගෘහ නිර්මාණ ශිල්පීන් (Architects), ඉංජිනේරුවන් (Engineers) සහ ප්‍රමාණ සමීක්ෂකයින් (Quantity Surveyors) යන රැකියා සඳහා උනන්දුවක් දක්වන සුදුසුකම් ලත් ශ්‍රී ලාංකිකයින්හට 2022.11.05 දිනයට පෙර www.slbfe.lk යන කාර්යාංශයේ වෙබ් අඩවිය ඔස්සේ ප්‍රසිද්ධ කර ඇති Identification of qualified professionals for construction sector in K.S.A යන වෙබ් ද්වාරය (web portal) ඔස්සේ ඔවුන්ගේ තොරතුරු සහ ජීව දත්ත පත්‍රිකා (CV) ඉදිරිපත් කර කාර්යාංශයේ දත්ත බැංකුවේ ලියාපදිංචි වීමට අවස්ථාව සලසා ඇත.
මෙම රැකියා සඳහා ලියාපදිංචිවීම හා වැඩි විස්තර, කාර්යාංශයේ 24 පැය තොරතුරු මධ්‍යස්ථානයේ ක්ෂණික ඇමතුම් අංකය වන 1989 ඇමතීම මගින් ලබාගත හැකිය.
popular news
-
කල්පනා Tuesday, 01 November 2022 01:51 AM
ඔය රටේ රැකියාවක් කරන්න ගිය මුස්ලිම් කාන්තාවක් සේවය කල නිවසේ ළමයෙක් පිලිකාවක් හැදිල මැරුණලු.මේකට නඩුවක් දාලා තියෙන්නෙ එම කාන්තාවගේ වරදින් කියලා නඩුව තීන්දුව දීලා තියෙන්නෙ මරණ දඩුවම දෙන්න මරණෙට හේතුව මරණ සහතිකය අනුව තීරණය කර නැහැ අන්තිමට තානාපති කාර්යාලයේ අභියාචනා අනුව නිදහස ලැබුනත් ඒ රටට යනවා නම් අන්තිම කැමැත්ත ලියල යන්න බුදුහාමුදුරුවෝ වදාල සුරාපරන්ත දේශීය සව්දිය වෙන්න පුළුවන්
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
