කුරුවිට සිට උඩකඩ හරහා බෝපත්ඇල්ල මාර්ගයේ ගමන්ගත් මෝටර් රථයක් ඊයේ (30දා) සන්ධ්‍යාවේ කීරගල ඇල හරහා ඇති සපත්තු පාලමෙන් එගොඩවීමේ දී ජල පහරට හසුවී ගසාගෙන ගිය බව කුරුවිට පොලීසිය පැවසුවේය.
මෝටර් රථයේ ගමන්ගත් තරුණයන් දෙදෙනෙක් සහ තරුණියන් දෙදෙනෙක් ඉන් එළියට පැන දිවි බේරාගෙන තිබු බව ද පොලීසිය පැවසුවේ ය.
එදින ඇදහැලුණු මහවැස්සෙන් කීරගල ඇලේ ජල පහර වැඩිවී තිබිය දී හැන්දෑවේ අඳුර වැටුණ පසු ඉන් එගොඩවීමට උත්සාහ කළ අවස්ථාවේ මෙම අනතුරට මුහුණ දී ඇති බව ප්‍රදේශවාසින් පැවසූහ.
මහවැස්සේ ආපසු එද්දී සපත්තු පාලමේ වතුර ඇතැයි නොදුටු බව රියදුරු තරුණයා පවසා තිබුණි.
එහි ගමන්ගත් සිව්දෙනා එළියට පැන දිවි බේරාගත්ත ද මෝටර් රථය සපත්තු පාලමෙන් පහළට ගසාගෙන ගිය බව ඔවුන් පොලීසියට පවසා තිබුණි.
පසුව එතනට රැස්වු ප්රදේශවාසීින් මෝටර් රථය සැඩපහරට හසුව ගසාගෙන යාම වැළැක්වීමට ලණු යොදා ගැටසහා තිබුණි.
මෝටර් රථයෙන් පැමිණ තිබුණේ අවිස්සාවේල්ල ප්‍රදේශයේ පිරිසකි.
මෙම අනතුර සිදුවු සපත්තු පාලම අනතුරුදායක එකක් බවත් මීට පෙර අවස්ථාවක දී වැසි දිනයක ඉන් එගොඩ වීමට ගිය කාන්තාවක් ද සැඩපහරට හසුව ගසාගෙන ගිය බවද ප්‍රදේශවාසීහු කීහ.
කුරුවිට නගරයේ සිට බෝපත් ඇල්ලට මෙන්ම දෙවිපහළට යන කෙටි මාර්ගය වන්නේ උඩකඩ හරහා ඇති මෙම මාර්ගයයි. මෙම මාර්ගයේ පුද්ගලික බස් රථයක් ද ධාවනය වෙයි.
අජිත්ලාල් ශාන්තඋදය
