ලංකාවේ ඩිස්නිලන්තයක් විවෘත කිරීමට සූදානමක් තවම නෑ - වෝල්ට් ඩිස්නි සමාගම
ශ්‍රී ලංකාව තුළ ඩිස්නිලන්තයක් විවෘත කිරීමට තවමත් සූදානමක් නොමැති බව වොල්ට් ඩිස්නි සමාගම සඳහන් කර තිබේ.
ශ්‍රී ලංකාවේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ ඩිස්නිලන්තයක් ආරම්භ කිරීමට එම සමාගම අවධානය යොමුකර ඇති බවට රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මිය කළ ප්‍රකාශය පිළිබඳව සන්ඩේ ටයිම්ස් පුවත්පත වොල්ට් ඩිස්නි සමාගමෙන් විමසා ඇති විටදී එම සමාගම මේ බව ප්‍රකාශ කර තිබේ.
කෙසේ වෙතත් සන්ඩේ ටයිම්ස් පුවත්පතට වෝල්ට් ඩිස්නි සමාගමෙන් ලැබුණ පිළිතුර සම්බන්ධයෙන් එම පුවත්පත ඩයනා ගමගේ මහත්මියගෙන් විමසා ඇති විට ඇය සඳහන් කර ඇත්තේ අදාළ පුද්ගලයන් සමග තමන් සාකච්ඡා ආරම්භ කර ඇති බවයි.
මේ පිළිබඳව කටයුතු කිරීමට තමන්ට ඉඩ දෙන ලෙසත් එය සාර්ථක වූ විට සියලු තොරතුරු ඉදිරිපත් කරන බවත් ඩයනා ගමගේ මහත්මිය මෙහිදී සඳහන් කර තිබේ.
popular news
-
Samson de silva Tuesday, 01 November 2022 01:34 AM
Ganja meniyo kawadath jeewathwune disneylanthaye thamayi. Oya kathaa janathaawage prashna yata gahanna karana upparawetti. Kalabala wenna epaa.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
