saravita-anim2

2025 ඔක්තෝබර් මස 03 වන සිකුරාදා

2025 ඔක්තෝබර් මස 03 වන සිකුරාදා

Latest News - timelapse 5593 hours ago

LATEST

ගංජා කිලෝ 66ක් සමග 03ක් මාට්ටූ

calendar_today 2022 මාර් 31 - 16:51 remove_red_eye - 124  

ශ්‍රී ලංකා වෙරළ ආරක්‍ෂක දෙපාර්තමේන්තුව යාපනය, කොවිලන් ප්‍රදීපාගාරය‍ට උතුරින් වූ මුහුදු ප්‍රදේශයේ අද (31දා) සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමක් මඟින් කේරළ ගංජා කිලෝග්‍රෑම් 66 ග්‍රෑම් 600 කට ආසන්න තොගයක් සමඟ සැකකරුවන් තිදෙනෙකු සහ යාත්‍රාවක් අත්අඩංගුවට ගැනීමට කටයුතු කෙරිණි.

මෙම අර්බුදය නිසා ජනතාව පත්ව ඇති දුෂ්කරතාව පිළිබඳ අප රජයක් ලෙස ඉතා ම සංවේදී අතර එම සීමා ජය ගැනීම සඳහා ගත හැකි සියලු ක්‍රියා මාර්ග යුහුසුළුව ගනිමින් සිටින බව අවධාරණය කරමි.

Read More

රටේ ජනතාව පෝලිම් වල රැඳී සිටීම සම්බන්ධයෙන් අමාත්‍යවරුන් වශයෙන් වගකිය යුතු බව මහජන ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රියර් අද්මිරාල් සරත් විරසේකර මහතා පැවසිය.

Read More

මේ අවස්ථාවේ අත්‍යාවශ්‍ය සේවා පමණක් පවත්වාගෙන යමින් රට වසා දැමීමට කටයුතු කළ යුතු බව හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පවසයි. විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් ඔහු පවසන්නේ විදුලිබල මණ්ඩලය වහාම විශේෂඥ මණ්ඩලයකගේ පාලනයට භාර දිය යුතු බවය.

Read More

නිර්නාමික කණ්ඩායම් විසින් සංවිධානය කරන කිසිදු විරෝධතාවයකට එක්සත් ජාතික පක්ෂය සම්බන්ධ නොවන බව එම පක්ෂය පවසයි.

Read More

අධික වේගයෙන් ධාවනය වු ලොරි රථයක් අඩි 150 පමණ ප්‍රපාතයෙන් පාසල් ගොඩනැගිල්ලක් මතට පෙරලිමෙන් එම ලොරි රථයේ ගමන් ගත් රියදුරා බගවන්තලාව ප්‍රාදේශිය රෝහල වෙත ඇතුලත් කර ඇති බව බගවන්තලාව පොලිසිය පැවසිය.

Read More

ඉහළ විනිමය අනුපාත පිරිනමන බවට මහජනතාවගෙන් ලැබුණු පැමිණිලි සැලකිල්ලට ගනිමින්, ශ්‍රී ලංකා මහ බැංකුවෙහි විදේශ විනිමය දෙපාර්තමේන්තුව විසින් ප්‍රසන්න මනි එක්ස්චේන්ජ් (පුද්ගලික) සමාගමෙහි බලපත්‍රය අහෝසි කළ බව ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කරයි.

Read More

කොළඹ කොටස් වෙළඳපොළ අද (31දා) දැවැන්ත කඩා වැටිමකට ලක්විය. ඒ අනුව සියලු කොටස් මිල දර්ශකය අද දිනයේදී ඒකක 391කින් පහළ ගොස් ඒකක 8903ක් බවට පත්විය.

Read More

පානදුර උතුර කෙසෙල්වත්තේ ගම්මැද පාර ඉදිකරමින් පවතින තෙමහල් නිවසක දෙවන මහලේ අනාරක්ෂිත කොරිඩෝවෙන් පහලට ඇදවැටීමෙන් ප්‍රධාන පෙදරේරුවා ඊයේ (30දා) රාත්‍රී මියගොස් ඇතැයි පානදුර උතුර පොලීසිය සඳහන් කරයි.

Read More

දිවයිනේ පොලිස් වසම් දාහතරකින් රන්මාල කොල්ලකෑම් එකසිය පනහකට සම්බන්ධ සිව් දෙනකුගෙන් යුත් කල්ලියක මහ මොළකරු ඇතුළු තිදෙනකු සොරා ගත් යතුරු පැදි දෙකක් ද සමග අද (31) දා අත්අඩංගුවට ගත් බව කොට්ටාව පොලිසිය පවසයි .

Read More

විදුලි බිල වැඩිකිරීමට යෝජනාවක් නොමැති බව විදුලි බල අමාත්‍ය පවිත්‍රා වන්නිආර්ච්චි මහත්මිය පැවැසුවාය. කොළඹදී අද පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඇය මේ බව පැවැසුවාය.

Read More

යුද සමයේදී කොටි ත්‍රස්ත සංවිධානය විසින් සඟවන ලද බෝම්බ තොගයක් මුලතිව් ඉරට්ටෙයි වයික්කාල් ප්‍රදේශයේ තිබීඊයේ ඊයේ (30දා) සොයාගත් බවට පොලිස් විශේෂ කාර්ය බලකාය පවසයි.

Read More

රනිල් වික්‍රමසිංහ මහතා අගමැතිධූර කිහිප වරක් හෙබවූ අත්දැකීම් ඇති පරිණත දේශපාලකයකු බවත් ඔහුගේ යෝජනා වලට කන් දීමට සූදානම් වුවත් ඔහුට අගමැති ධුරය පිරිනැමීමට කිසිදු බලාපොරොත්තුවක් නොමැති බව පාර්ලිමේන්තුවේ සභා නායක සහ අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පැවසීය .

Read More

වගකිවයුත්තෙක් නොමැති අසංවිධානාත්මක විරෝධය පෑම්වලට එක්වීමේදී පරිස්සම් වන ලෙසත් එවැනි වගකීමක් නොමැති අවංක මහජන විරෝධයන් පසුපස පවා අනතුරක් තිබිය හැකි බව ජනතා විමුක්ති පෙරමුණ පවසයි.

Read More

සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව යනු අපේ රටට විශාල විදේශ විනිමය උපයන ආයතනයක්ද වනවා .මේ අනුව මේ ආයතන හරියට කළමණාකරනය කර සංවර්ධනය කලහොත් පමණයි නිසි ආදායම් ලබාගත හැක්කේ යැයි දෙහිවල ජාතික සත්වෝද්‍යානයේ තුන්වන අධ්‍යක්ෂ ජෙනරාල් වරයා වශයෙන් අද (31දා) පත්වූ හිටපු වනසංරක්ෂක ජෙනරාල් තිලක් ප්‍රේමකාන්ත මහතා රාජකාරි භාර ගැනීමෙන් අනතුරු මාධ්‍ය හමුවේදී අදහස් දක්වමින් පැවසීය.

Read More

විදේශීය ආයෝජනයක් හරහා හම්බන්තොට මුහුදේ මෙගාවොට් 5000ක සුළං බලාගාරයක් ඉදිකිරීමට යෝජිත බවත් එයින් මෙගාවොට් 1000ක් ලංකාවට ලබාගෙන මෙගාවොට් 4000ක් සිංගප්පූරුවට අපනයනය කිරීමට අපේක්ෂා කරන බව විදුලි බල රාජ්‍ය අමාත්‍ය දුමින්ද දිසානායක මහතා පැවැසීය.

Read More

රටේ පවතින ගෑස්,ඉන්ධන, භූමිතෙල් ඇතුළු පවතින භාණ්ඩ හිඟයට විසදුම් ලබාදෙන ලෙස ඉල්ලා රජයට විරෝධය පළකිරීමේ විරෝධතා කාන්තා උද්ඝෝෂණයක් අද (31දා) දහවල් ඇල්පිටිය කුරුදුගහහැතැක්ම නගරයේදී පැවැත්විණි.

Read More

අකුරැස්ස නිල් මැණික්ගම නිවසක් ඉදිකිරීම සඳහා පැරණි නිවස කඩා ඉවත් කිරීමේදී එම නිවසේ බිත්තියකට යට වී දරුවෙක් ජීවිතක්ෂයට පත්වී අනිත් දරුවා බරපතළ තුවාල ලබා ඇත.

Read More

වසර ගනනාවක් පළාත් පාලන ආයතන වල අනියම් සහ ආදේශක ලෙස සේවය කළ සුලු සේවකයින් ස්ථීර නොකර සේවාවෙන් ඉවත් කර වත්මන් ආණ්ඩුව ලබා දුන් රැකියා ලක්ෂයේ සේවකයින් එම් පුරප්පාඩු වලට යොමු කිරීම අසාධාරණ සහ සේවක අයිතිවාසිකම් උල්ලංඝණය කිරීමක් බව පවසමින් උතුරු මැද පළාත් අනියම් ,ආදේශක සේවකයින් මේ වන විට දින තුනකට ආසන්න කාලයක් අනුරාධපුර නගරසභාව ඉදිරිපිට අඛණ්ඩ සත්‍යග්‍රහයක නිරතව ඇත.

Read More

ජනතාවට වැරදි මතයක්, එහෙම නැත්නම් කටකතාවක් යවලා තියෙනවා මම බණ්ඩාරවෙල එන නිසා පෝලිම් වෙනස් කළා කියලා. පළමු කාරණය තමයි අපි යම්කිසි කාරණයකට රාජකාරී මට්ටමින් හෝ පෞද්ගලිකව යන විට අපි කිසිසේත් සාමාන්‍ය ජනතාවගේ ජන ජීවිතයට බාධාවන ආකාරයෙන් අපි උත්සවයක් හෝ වැඩසටහනක් සංවිධානය කරන්නේ නෑ. යම්කිසි ක්‍රමවේදයක් තිබුණනම් එය වෙනස් කිරීමට අපි යන නිසා සිදුකරන්න අපි කවදාවත් කටයුතු කරන්නේ නෑ. මෙය හුදෙක් මඩ ගැසීම වෙනුවෙන් ජනතාව නොමග යැවීමට කළ උත්සාහයක්.

Read More

ඉතිහාසයේ පළමු වරට ආනයනික ඇපල් ගෙඩියක මිල රුපියල් එකසිය අසූවක් දක්වා ඉහළ ගොස් ඇතැයි මාතලේ පාරිභෝගික ජනතාව පවසයි.

Read More

මවුස්සාකැලේ ජලාශයේ සිට කැනියොන් ජල විදුලි බලාගාරය දක්වා ජලය රැගෙන යන භුගත උමං මාර්ගයේ නඩත්තු කටයුත්තක් හේතුවෙන් පුරා මාස තුනක් තිස්සේ විදුලි උත්පාදනය නතර කර තිබු කැනියොන් ජල විදුලි බලාගාරයේ විදුලි උත්පාදන කටයුතු අද (31) දින සිට ආරම්භ කළ බව එම විදුලි බලාගාරයේ නිලධාරියෙකු පැවසිය.

Read More

වර්තමාන රජය කෙරෙහි දෙස් විදෙස් සියළු පාර්ශවයන්හි විශ්වාසය සම්පූර්ණයෙන්ම බිඳවැටී ති⁣බෙන නිසා වෙළෙඳපොළවල් හිරවී අගුලු වැටී තිබෙන බවත් මේ ආකාරයෙන් මේ ආණ්ඩුවට තවදුරටත් ඉදිරියට යා නොහැකි බවත් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා අවධාරණය කරයි.

Read More

ප්‍රේල් 02 දා ඩීසල් තොගයක් ශ්‍රී ලංකාවට ලැබීමට නියමිත බවත් එය විදුලි බල මණ්ඩලයට ලැබුණ හොත් අප්‍රේල් 02 දායින් පසුව දැනට සිදුකරන පැය 10 ඉක්මවූ විදුලිය කප්පාදුව පැය 4ට අඩුවෙන් පවත්වාගෙන යාමට හැකි බව ලංකා විදුලි බල මණ්ඩලයේ සභාපති එම්.එම්.සී. ෆර්ඩිනැන්ඩෝ මහතා පැවැසීය.

Read More

රටේ පවතින තත්ත්වය සමග එක් වරම අත්‍යවශ්‍ය භාණ්ඩ බොහොමයක මිල ගනන් පැයෙන් පැය දිනෙන් දින ඉහළ දැමීමේ සැලසුමක් රට පුරා ප්‍රබල ව්‍යාපාරිකයින් විසින් සිදුකරගෙන යන බව පාරිභෝගික ජනතාව පෙන්වා දෙති.

Read More

ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ෆේස්බුක් ගිණුමට Comments පළ කිරීමට තිබූ අවස්තාව එහි පරිපාලකයන් විසින් අවහි කර තිබේ.

Read More

පුද්ගල ඝාතනයක් සම්බන්ධයෙන් මරණීය දණ්ඩනය නියම වී සිටි පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමලාල් ජයසේකර මහතා හා තවත් දෙදෙනෙකු නිදොස් කොට නිදහස් කිරීමට අභියාචනාධිකරණය නියෝග කර තිබේ. ඒ තම මරණ දඩුවම සම්බන්ධයෙන් ඔවුන් ගොනු කළ ඇපෑලක් සලකා බැලීමෙන් අනතුරුවයි.

Read More

අද (31දා) හා හෙට (01දා) දිනයේදී කොටස් වෙළඳපොළේ කටයුතු පැය 2කට පමණක් සීමා වන බව කොළඹ කොටස් හුවමාරුව නිවේදනය කරයි.

Read More

පාකිස්තාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් මහතා ඝාතනය කිරීමේ සැලැස්මක් ඇති බව එරට ජ්‍යෙෂ්ඨ නායකයෙක් පවසයි. පකිස්තාන මාධ්‍ය ආයතනයකට අදහස් දක්වමින් පකිස්ථාන ටෙහ්රීක්-ඊ-ඉන්සාෆ් (පීටීඅයි) පක්ෂයේ ප්‍රබලයෙකු වන ෆයිසාල් වව්ඩා කියා සිටියේ අගමැති ඛාන් ඝාතනය කිරීමට කුමන්ත්‍රණයක් දියත් කර ඇති බවයි.

Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් ෆොන්සේකා මහතා තම ෆේස්බුක් ගිණුමට අද පෙරවරුවේ සටහනක් එක්ක තිබුණා. එම සටහනින් ඔහු පවසා තිබුණේ ’මම සූදානම් ඒත් ඔබ සුදානම් නැතිවීමයි අර්බුදය’ යනුවෙනි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.