තද වැසි පිළිබඳව අවවාදාත්මක නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ. ශ්‍රී ලංකාව ආසන්න පහළ වායුගෝලයේ කැළඹිලි ස්වාභාවයක් හේතුවෙන් දිවයින පුරා වැසි තත්ත්වයේ වැඩිවීමක් අපේක්ෂා කරන බවද එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
මේ අනුව ඇතැම් ප්‍රදේශවලට මිලි මීටර් 150ක් ඉක්ම වූ තද වැසි අපේක්ෂා කරන බවත් හෙට (02දා) පෙරවරු 7.30 දක්වා මෙම නිවේදනය වලංගු බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පවසයි.
