ද්විත්ව පුරවැසිභාවය හිමි පාර්ලිමේන්තු මන්ත්රීවරුන් කිසිවෙකු මෙතෙක් හඳුනාගෙන නැතැයි ආගමන විගමන දෙපාර්තමේන්තුව පවසයි.
ද්විත්ව පුරවැසිභාවය සම්බන්ධයෙන් කෙරෙන විමර්ශන අද (31දා) අවසන් කිරීමට හැකිවනු ඇති බවද එම දෙපාර්තමේන්තුව සඳහන් කළේය.
ආගමන විගමන දෙපාර්තමේන්තුව විසින් පාර්ලිමේන්තු මහ ලේකම්වරයාගෙන් පාර්ලිමේන්තුව නියෝජන කරන සියලු මන්ත්රීවරුන්ගේ උපන් දින සහ ජාතික හැඳුනුම්පත් අංක ලබාගෙන අදාළ නාමලේඛන පරික්ෂා කිරීම පසුගියදා ආරම්භ කළේය.