වත්මන් ආර්ථික අර්බුදයෙන් මිදීමට ශ්‍රී ලංකාව දරන උත්සාහයන්ට සහාය වන බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ප්‍රකාශ කරයි.
ගාලුමුවදොර පිටියේ දී තරුණ ප්‍රජාව විසින් ආරම්භ කළ අරගලය නිසා තවත් දින දෙකක් තුනක් ඇතුළත වත්මන් ආණ්ඩුවට ඇති බහුතරය අහිමිවී නව ආණ්ඩුවක් බිහිවනු ඇති බව හිටපු ආණ්ඩුකාරවරයෙක් වන ජනාධිපති නිතිඥ මෛත්‍රී ගුණරත්න මහතා පවසයි.
Read Moreසෞඛ්‍ය අමාත්‍යාංශ වෙබ් අඩවිය http://www.health.gov.lk/ වෙත සයිබර් ප්‍රහාරයක් එල්ල වී තිබේ. ටැමිල් ඊලාම් සයිබර් ෆෝ්ස් නම් කණ්ඩායමක් මෙම සයිබර් ප්‍රහාරය එල්ල කර තිබේ.
Read Moreයුක්රේන ජනාධිපති වොලොදිමීර් සෙලෙන්ස්කි රුසියාව සමග සාම සාකච්ඡාවලින් ඉවත් වීමට තම රටට බලකෙරෙන සිදුවීම් සම්බන්ධයෙන් අදහස් දක්වා තිබේ.
Read Moreඉදිරි සතියේදී ආනයනික කිරිපිටි මිල වැඩිකිරීමට කිරිපිටි ආනයනකරුවන් තීරණය කර ඇති බව වාර්තා වෙයි. ඩොලරයේ අගය ඉහළ යාමත් සමග ඔවුන් මෙම තීරණය ගෙන තිබේ.
Read Moreකාර්ය මණ්ඩල සාමාජිකයින් දෙදෙනෙකු සමග වැඩිහිටි මගීන් විසි දෙදෙනෙකු සහ ළමයින් දෙදෙනෙකු මෙම සංචාරක බෝට්ටුවේ සිට ඇත.
Read Moreමෙම තීරණාත්මක කාලය තුළ අපගේ ආර්ථික ප්‍රකෘතියට සහාය වීම සඳහා අපගේ තිරසාර ප්‍රයත්නයන් වෙනුවෙන් ඇති ආයෝජන, තාක්ෂණ හුවමාරු කිරීම් සහ මුදල් සැපයීම මෙන්ම පුළුල් සංවර්ධන ආධාර සහ ණය ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා ලබාදෙන සහයෝගීතාව ශ්‍රී ලංකාව සාදරයෙන් පිළිගනී.
Read Moreවිදේශ බලවේගයක් විසින් අභ්‍යවකාශ යානයක් විනාශ කිරීම සන්නද්ධ ගැටුමකට තුඩු දිය හැකි බවට දිමිත්‍රි රොගොසින් හෙළිකර තිබේ.
Read Moreවිවාහ මංගල උත්සව ශාලා ගාස්තු සියයට 40 කින් ඉහළ දැමීමට තීරණය කර ඇතැයි සමස්ත ලංකා උත්සව ශාලා සහ ආහාර සැපයුම්කරුවන්ගේ සංගමය පවසයි.
Read Moreරටේ රෝගය පැතිරීම අවසන් වී මාස හතරකට පසුව යළිත් ඉබෝලා නව ආසාදන තහවුරු වී ඇති බව සෞඛ්‍ය බලධාරීන් පවසයි.
Read Moreකොවිඩ්-19 හේතුවෙන් වසර දෙකක විරාමයකින් පසු බ්‍රසීලයේ, රියෝ ද ජැනයිරෝගේ සැණකෙළිය නැවත පැමිණ තිබේ.
Read Moreමහනුවර සිට කොළඹ දක්වා පාගමනක් සංවිධානය කිරීමට සමගි ජන බලවේගය තීරණය කර තිබේ.
Read Moreඑක්සත් ජාතීන්ගේ මහලේකම් ඇන්ටෝනියෝ ගුටරෙස් මහතා ලබන සතියේ රුසියානු සහ යුක්රේන නායකයන් හමුවීමට නියමිතය.
Read Moreවතු යටිතල පහසුකම් රාජ්‍ය අමාත්‍යවරයා ලෙස පසුගියදා වැඩ භාරගත් බදුල්ල දිස්ත්‍රික් පා.ම එස්. අරවින්ද කුමාර් මහතාගේ තලවකැලේ ලිදුල මෙරායා ප්‍රදේශයේ පිහිටි නිවස ඉදිරිපිට අද (23) දින තරුණයන් පිරිසක් උද්ඝෝෂණයක නිරත විය.
Read Moreසිමෙන්ති මිල ඉහළ නැංවීමට සිමෙන්ති ආනයනකරුවන් සූදානම් වෙයි. ඉන්ධන මිල ඉහළ යාම හා ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියල දිගින් දිගටම බාල්දු වීම හෙතුවන් මෙම තීරණය ගන්නා බව ඔවුන් පවසයි.
Read Moreගියපාර මැතිවරණයේදී කිව්වා මූල්‍ය අර්බුදයක් එනවා කියලා. අයි.එම්.එෆ්. යන්න ඕන කිව්වා. තිත්ත ඇත්ත කියපු නිසා අපිට ගෙදර යන්න වුණා. අපේ ජනතාව මේක පිළිගන්න ලෑස්ති වෙන්න ඕන. දේශපාලකයන් ඇත්ත කියන්න ඕන. නැත්නම් මෙකෙන් ගොඩ එන්න බෑ.
Read Moreරඹුක්කනදී පැහැරගත් බව කී තරුණයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සිය භාරයට ගෙන ඇති බව වාර්තා වෙයි.
Read Moreඉදිරි තෙවසරේ දී සැමට පිරිසිදු ජලය, සනීපාරක්ෂක සහ ජලය ආශ්‍රිත යටිතලපහසුකම් සැපයීම රජයේ ජාතික ඉලක්කය බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.
Read Moreමොන අන්තර්පාලනයක්ද? එකාට එකා නැතිව කොහොමද අන්තර්පාලනයක් ගේන්නේ. එක එක්කෙනාගේ ප්‍රතිපත්ති, එකඟතාවන් නැතිව කොහොමද අන්තර්පාලනයක් ගේන්නේ. අන්තර්පාලනයක් ගේනවානම් මගේ ප්‍රධානත්වයෙන් තමයි ගේන්න ඕන. රනිල් වික්‍රමසිංහ හෝ වෙනත් අය දාගෙන මේක කරන්න හදනවනම් මම හිතන්නේ නෑ අනෙක් අය මේකට කැමතිවෙයි කියලා.
Read Moreපොලිස් වෙඩි ප්‍රහාරයෙන් මියගිය චමින්ද ලක්ෂාන්ට යුක්තිය ඉල්ලා රඹුක්කන නරගයේ සාමකාමී විරෝධතාවක් සංවිධානය කර තිබේ. චමින්ද ලක්ෂාන්ගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද (23දා) සිදුකිරීමට නියමිතව තිබේ.
Read Moreඅගමැතිවරයා සිය ධුරයෙන් ඉවත්ව නව අගමැතිවරයෙකු පත්කළ යුතුයැයි විශ්වාසකරන පාර්ලිමේන්තු මන්ත්‍රී සංඛ්‍යාව මේ වනවිට 115 ඉක්මවා ගොස් ඇතැයි වාර්තා වේ.
Read Moreපොලිස් වෙඩි ප්‍රහාරයකින් ජීවිතක්ෂයට පත්වූ රඹුක්කන චමින්ද ලක්ෂාන් මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද පස්වරුවේ රඹුක්කන, නාරන්බැද්දේදී සිදුකිරීමට නියමිතය.
Read Moreපාර්ලිමේන්තු මන්ත්‍රී නසීර් අහමඩ් මහතා සිය පක්ෂයෙන් නෙරපා හැරීම නීත්‍යානුකූලව තහවුරු වුවහොත් ඔහුගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය අහිමි වනු ඇති බව ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රවුෆ් හකීම් මහතා පැවැසීය.
Read Moreඉන්දීය රජය විසින් පරිත්‍යාග කරන ලද ඖෂධ වර්ග 101ක් සහ ශල්‍ය උපකරණ ලබන බදාදා දිවයිනට ළඟා වන බව සෞඛ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන පැවසීය.
Read Moreඒ අනුව අමාත්‍යධුරයේ දිවුරුම් දීමෙන් අනතුරුව දින දෙකකින් පසුව ඔහු මෙසේ සිය ධුරයෙන් ඉල්ලා අස්වීමට තිරණය කර තිබුණේ අන්තර්වාර රජයක් පත්කිරීම වෙනුවෙනි. කෙසේ වෙතත් ඔහුගේ ඉල්ලා අස්වීම ජනපතිවරයා භාරගෙන නොමැති බව වාර්තා වෙයි.
Read Moreවර්ෂාව හේතුවෙන් ජලය ගලා යාමට කාණුවක් කැපිමේ සිදුවීමක් හේතුවෙන් පුද්ගලයෙකුට උදැල්ලකින් පහරදී ඝාතනය කර ඇතැයි පොලීසිය පවසයි.
Read Moreජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග වැඩසටහනකට යාම තෙක් වූ කාලසීමාව වෙනුවෙන් ශ්‍රී ලංකාවට අවශ්‍ය විදේශ විනිමය සපයා ගැනීම වෙනුවෙන් ලෝක බැංකුව සමග පැවැත්වූ සාකච්ඡා සාර්ථක වූ බව මුදල් අමාත්‍ය අලි සබ්‍රි මහතා පවසයි.
Read Moreආණ්ඩු පක්ෂයේ සිටිමින් ස්වාධීන වූ මන්ත්‍රීවරු අතරින් මන්ත්‍රීවරු 07ක් ශ්‍රී ලංකාවේ චීන තානාපති චී ෂෙන්හොන් මහතා හමුවී තිබේ.මෙහිදී එම මන්ත්‍රීවරුන් ශ්‍රී ලංකාවේ වර්තමාන තත්ත්වය පිළිබඳව සිය මතය ඉදිරිපත් කළ බව තානාපති කාර්යාලය සිය ට්විටර් ගිණුමෙන් පවසයි.
Read Moreදිවයිනේ බොහෝ ප්‍ර දේශවලට අද දිනයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
Read Moreආර්ථික හා සමාජීය සංවර්ධනය සඳහා ශ්‍රී ලංකාවට සහාය දෙන බවට චීන අග්‍රාමාත්‍යවරයා සහතික වෙයි. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සමඟ පැවති දුරකථන සංවාදයකදී චීන අග්‍රාමාත්‍ය ලී කෙකියෑන්ග් මහතා මෙම සහතිකය ලබා දි තිබේ. මෙහිදි ඔහු ප්‍රකාහ කර ඇත්තේ ආර්ථික හා සමාජීය සංවර්ධනයේ වැඩි ස්ථාවරත්වයක් සඳහා ශ්‍රී ලංකාවට චීනයේ සහාය ලබා දෙන බවයි.
Read More