ශ්‍රී ලංකා ණය හිමියන්ගේ සමුළුවක් සංවිධානය කිරීමට ජපානය බලාපොරොත්තු වන අතර එය ශ්‍රී ලංකාවේ ණය අර්බුදය විසඳීමට උපකාරී වනු ඇතැයි ජපානයය අපේක්ෂා කරයි.
ශ්‍රී ලංකාව මුහුණ දෙනන දරුණුතම ණය අර්බුදයෙන් මුදාගැනීමේ අරමුණින් ටෝකියෝ අගනුුවරදී සියලු ණයහිමි රටවල් අතර සාකච්ඡා පැවැත්වීමට මේ හරහා විවෘතව පවති.
නමුත් ශ්‍රී ලංකාවේ සමස්ත ණයෙන් සියයට 20කට ආසන්න සංඛ්‍යාවකට හිමිකම් කියන චීනය එයට සම්බන්ධ වන්නේද යන්න පැහැදිලි නොමැත.
ද්විපාර්ශ්වික ණය ප්‍රතිව්‍යුහගත කිරීම පිළිබඳ සාකච්ඡා සඳහා ප්‍රධාන ණය දෙන ජාතීන්ට ආරාධනා කරන ලෙස ශ්‍රී ලංකාව ජපානයෙන් ඉල්ලා සිටින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පසුගිය සතියේ රොයිටර් පුවත් සේවයට පැවසීය.