saravita-anim2

2025 ඔක්තෝබර් මස 01 වන බදාදා

2025 ඔක්තෝබර් මස 01 වන බදාදා

Latest News - timelapse 5490 hours ago

LATEST

අග්‍රමාත්‍යවරයා ප්‍රමුඛ කැබිනට් මණඩලය ඉල්ලා අස්වෙන්න - ඩලස්

calendar_today 2022 අප්‍රේ 22 - 18:40 remove_red_eye - 1128  

අග්‍රාමාත්‍යවරයා ප්‍රමුඛ කැබිනට් මණ්ඩලය ඉල්ලා අස්වී සර් ව පාක්ෂික නව ආණ්ඩුවක් පිහිටුවීමට පාර් ලිමේන්තුවට අවස්ථාව ලබාදිය යුතු බව හිටපු අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා පවසයි.

ලිට්‍රෝ ගෑස් සමාගම ගෑස් මිල රුපියල් 2500 කින් ඉහළ දැමීමට ගත් තීරණය අවලංගු කිරීමට රජය පියවර ගෙන තිබේ.

Read More

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සම්බන්ධයෙන් පැවැත්වුණු සාකච්ඡා ගැන මුදල් අමාත්‍යවරයා ලබන මස 4 වෙනිදා ප්‍රකාශයක් කිරීමට නියමිත අතර එදින ඒ පිළිබඳ සාකච්ඡාවක් පැවැත්වීමටද පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව අද (22දා) තීරණය කළ බව සභානායක දිනේෂ් ගුණවර්ධන මහතා පැවසීය.

Read More

ශ්‍රී ජයවර්ධනපුර, කෝට්ටේ පාර්ලිමේන්තු සංකීර්ණය විවෘත කර වසර 40ක් සපිරීම නිමිත්තෙන් මෙම මස 25 හා 26 යන දෙදින පැවැත්වීමට නියමිතව තිබූ පුණ්‍ය කටයුතු රටේ වත්මන් තත්ත්වය සැලකිල්ලට ගෙන කල්දැමීමට කතානායකවරයා තීරණය කර තිබේ.

Read More

බලපත්‍රයට අදාළ ප්‍රමාණයට වඩා වැඩියෙන් තේක්ක දැව කැබලි තොගයක් ප්‍රවාහනය කරමින් තිබූ කන්ටේනර් රථයක් සමග පුද්ගලයන් දෙදෙනෙකු සැකපිට අත්අඩංගුවට ගත් බව කරුවලගස්වැව වනජීවී අඩවි ආරක්ෂක කාර්යාලය පැවසීය.

Read More

ලිට්‍රෝ ගෘහස්ථ ගෑස් 12.5 සිලින්ඩරයක මිල රුපියල් 5,175 දක්වා ඉහළ දැමීමට තීරණය කර තිබේ. මෙම මිල වැඩිවීම අද (22දා) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වේ.

Read More

මවුස්සාකැලේ සහ කාසල්රි ජල පෝෂක ප්‍රදේශවලට අද (22දා) තද වැසි ලැබෙමින් පවති.මවුස්සාකැලේ ජල පෝෂක ප්‍රදේශය වන මස්කෙලිය , ශ්‍රි පාද නල්ලතන්නිය , අප්කට් , සාමිමලේ යන ප්‍රදේශවලට මෙම වර්ෂාව පතිත වු බව ප්‍රදේශවාසින් පැවසිය.

Read More

රඹුක්කන සිදුවීම සම්බන්ධයෙන් කරුණු දැක්වීම සඳහා පොලිස්පතිවරයා ඇතුළු උසස් පොලිස් නිලධාරීන් පිරිසක් අද (22දා) ශ්‍රි ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව වෙත පැමිණියහ.

Read More

ගාලුමුවදොර ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට උපවාසයේ නිරත වූ තෙරිපැහැ සිරිධම්ම හිමියන් කොළඹ ජාතික රෝහලට අද (22දා) ඇතුළත් කෙරිණි.

Read More

කුමන පැත්තක් 113ක් පෙන්නුවත් වත්මන් ප්‍රශ්න විසඳිය නොහැකි බවත් යථාර්ථය තේරුම් ගෙන සැම දෙනාම එකතු වී ගමනක් යා යුතු බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී රනිල් වික්‍රමසිංහ මහතා අද (22දා) පාර්ලිමේන්තුවේදී පැවසීය.

Read More

ඊශ්‍රායල ජාතික සිනමාකරුවන් විසි දෙනෙකුගෙන් සමන්විත පිරිසක් , ’’ ආරුගම්බේ ’’ නැමති සිනමා පටයක් නිෂ්පාදනය කිරීම සදහා ඊයේ (21දා) රාත්‍රී කටුනායක ගුවන් තොටුපළෙන් ශ්‍රී ලංකාවට පැමිණියහ .

Read More

ආණමඩුව සමූපකාර ඉන්ධන හලින් පෙට්‍රල් ලබා ගැනිමට අද (22දා) උදෑසන සිට යතුරු පැදි 2000 කට වැඩි සංඛ්‍යාවක් පෝලිමේ රැඳී ඇති බව ආණමඩුව පොලිසිය පවසයි.

Read More

වෙඩි තබා ඝාතනය කරන ලද තරුණයෙකුගේ මළ සිරුරක් අද (22දා)කොස්ගොඩ දෙල්ගහබැද්ද කැලයේ තිබී සොයා ගත් බව කොස්ගොඩ පොලීසිය පවසයි .

Read More

කටාර් රාජ්‍යයේ සේවයේ යෙදි සිටියදී විවිධ නීති විරෝධී ක්‍රියාවලට සම්බන්ධ වී සිර දඩුවම් විඳිමින් සිටින පුද්ගලයින් රැසකට එරට රජය මගින් ශුද්ධ වූ රාමසාන් මාසය වෙනුවෙන් රාජකීය ගෞරවයෙන් නිදහස ලබාදීමට තීරණය කර තිබේ.

Read More

ඉන්දියාවේ තමිල්නාඩු, රාමේෂ්වරන් සහ ධනුෂ්කොඩි මුහුදු ප්‍රදේශයට අනවසරයෙන් ඇතුලුවීමට ආ උතුරේ වැසියන් 18 දෙනෙකු ඊයේ (21දා) එරට ආරක්ෂක අංශ භාරයට පත්වී ඇති බවට වාර්තා වෙයි.

Read More

පාප් වහන්සේගේ විශේෂ ආරාධනය අනුව කොළඹ අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් ඇතුළු 56 දෙනෙකුගෙන් යුතු පිරිසක් අද (22දා) උදෑසන ගුවන් යානා දෙකකින් ඉතාලියේ වතිකානය බලා කටුනායක ගුවන් තොටුපළෙන් පිටත්ව ගොස් තිබේ.

Read More

අලව්ව පොලීසිය ආසන්නයේ ඇති දුම්රිය හරස් මාර්ගය හරහා ගමන් කළ ලොරි රථයක් අද (22 දා) උදෑසන 7.30 පමණ දුම්රියේ ගැටී ඇති බව අලව්ව පොලීසිය පවසයි.

Read More

මධ්‍යම, සබරගමුව, ඌව, උතුරු - මැද හා වයඹ පළාත්වල ඇතැම් ස්ථානවලට මිලි මීටර් 100ට වැඩි තද වැසි අපේක්ෂා කරන බවද සෙසු ප්‍ර දේශවල මිලි මීටර් 50ට වැඩි තරමක් තද වැසි ඇතිවිය හැකි බවත් එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

Read More

ශ්‍රී ලංකාවට කඩිනම් මූල්‍යාධාර සැපයීම රටේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ප්‍රගතිය මත රඳා පවතිනු ඇති බව පවසන ජාත්‍යන්තර මූල්‍ය අරමුදල, ශ්‍රී ලංකාව විශ්වසනීය ණය සැලැස්මක් සංවර්ධනය කිරීම සඳහා ගත යුතුව ඇති ප්‍රමාණවත් පියවර කුමක්ද යන්න පිළිබඳව අදහස් දැක්වීම ප්‍රතික්ෂේප කර තිබේ.

Read More

රුසියානු හමුදා ඩොන්බාස් හි කළු මුහුද ආශ්‍රිත ප්‍රධාන වරාය නගරයක් වන මරියුපෝල් නගරය සම්පූර්ණයෙන්ම අල්ලා ගත් බව ආරක්ෂක අමාත්‍ය සර්ජි ෂොයිගු ජනාධිපති ව්ලැදිමීර් පූටින්ට දන්වා තිබේ.

Read More

රට තුළ උද්ගතවී ඇති වත්මන් දේශපාලන අර් බුදය හමුවේ ජනාධිපතිගේ බලතල රැක ගැනීම හා ජනාධිපතිගේ බලතල අඩුකර අගමැතිගේ බලතල වැඩිකර ගැනීම පිළිබඳව මෙහෙයුම් දෙකක් ක්‍රියාත්මක වන බව දේශපාලන ආරංචි මාර් ග වලින් වාර්තා වෙයි.

Read More

මොස්කව් විසින් අසාදු ලේඛනගත කරන ලද එක්සත් ජනපද දේශපාලනඥයන්, විධායකයන් සහ මාධ්‍යවේදීන් 29 අතර ෆේස්බුක් ප්‍රධානියාද වෙයි.

Read More

කෑගල්ල කොට්ඨාස භාර නිලධාරී ලෙස ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ජී.ආර්. කන්දෙවත්ත මහතා පත්කර තිබේ. ඔහු මීට පෙර කෑගල්ල කොට්ඨාස භාර නිලධාරී තනතුරේ වැඩ බැලිමට පත්කර තිබුණි.

Read More

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ප්‍රධානියා පැවසුවේ මෙම ආධාර යුක්රේන ආර්ථිකය ඉහළ මට්ටමක තබා ගැනීමට ඉවහල් වනු ඇති බවය.

Read More

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයේ වින්දිතයන්ගේ අඳෝනා අහසට මොර දෙන බැවින් මෙම අපරාධයට සම්බන්ධ වූවන්ට වැඩි දවසක් නොයා තමන් කළ පාපයේ ප්‍රතිඵල අත්වීදීමට සිදු වන බව අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් පැවසීය.

Read More

ඊශ්‍රායල් මහ බැංකුව විසින් ඩොලරය, යුරෝ සහ බ්‍රිතාන්‍ය පවුම් සඳහා පමණක් වූ නිරාවරණය අඩු කරමින් විදේශ විනිමය කොටස යළි සකස් කරයි.

Read More

ලිට්‍රෝ ගෑස් සමාගමේ නව සභාපතිවරයා ලෙස විජිත හේරත් මහතා පත්කර තිබේ. ඔහු ශ්‍රී ලංකා රක්‍ෂණ සංස්ථාවේ වත්මන් සභාපතිවරයා ලෙස ද කටයුතු කරයි.

Read More

රුසියානු ධජය සහිත, එරටට අයිති හෝ ක්‍රියාත්මක වන නෞකා එක්සත් ජනපද වරායන් පිළි නොගන්නා බව ජනාධිපති ජෝ බයිඩන් නිවේදනය කරයි.

Read More

ආණ්ඩුවේ ඉදිරි කටයුතු අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ නායකත්වයෙන් පවත්වාගෙන යාමට ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම තීරණය කර ඇත.

Read More

රඹුක්කන ප්‍රදේශයේ ඇති වූ සිද්ධිය පිළිබඳ විමර්ශන කටයුතු සිදුකිරීම පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතා විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පවරා තිබේ.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.