saravita-anim2

2025 ඔක්තෝබර් මස 02 වන බ්‍රහස්පතින්දා

2025 ඔක්තෝබර් මස 02 වන බ්‍රහස්පතින්දා

Latest News - timelapse 5377 hours ago

LATEST

තායිවාන් කාඩ් සෙල්ලම් නොකරන ලෙස අවවාදයක්

calendar_today 2022 මැයි 19 - 10:00 remove_red_eye - 283  

චීනය-එක්සත් ජනපද සබඳතා සම්බන්ධයෙන් චීන ජනාධිපති ෂී ජින්පිං සහ එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩන් අතර ඇතිකරගත් වැදගත් එකඟතාව දෙරට උනන්දුවෙන් ක්‍රියාත්මක කළ යුතු බව යැං පැවසීය.

බණ්ඩාරගම කැස්බෑව මාර්ගයේ කිඳෙල්පිටිය ප්‍රදේශයේදී මෝටර් රථයක් මතට විශාල පිහිඹියා ගසක් කඩාවැටීමෙන් එම මෝටර් රථයට බරපතල අලාභ සිදු වී ඇත.

Read More

කථානායකවරයා විසින් සිදුකළ ඉල්ලීමකට අනුව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ වාහන සඳහා පොලිස් ප්‍රවාහන කොට්ඨාසයේ නාරාහෙන්පිට ඉන්ධන පිරවුම්හලින් ඉන්ධන අත්පිට මුදලට තාවකාලිකව ඉන්ධන ලබාදීම සිදුකරන බව පොලිස් මූලස්ථානය සඳහන් කරයි. මෙම ඉල්ලීමට අනුව සතියක කාලයක් සඳහා මේ ආකාරයට ඉන්ධන ලබාදීමට සැලසුම් කර තිබෙන අතර, පිරවුම්හලට අවශ්‍ය ඉන්ධන තොග තෙල් සංස්ථාවෙන් අඛණ්ඩව ලබාදීමටත් වැඩපිළිවෙළක් සකස් කර තිබේ.

Read More

පිරිපහදුව වසා දමා අදට (19දා) මාස දෙකක් ගත වී තිබෙන බවත්, මෙම මාස දෙකක කාලය සඳහා සේවක වැටුප් සඳහා රුපියල් කෝටි 32ක මුදලක් වැය වී තිබෙන බවත් ඉන්ධන, වරාය, විදුලි සමගි වෘත්තීය සමිති සන්ධානය සඳහන් කරයි.

Read More

බන්ධනාගාර තුළ යහපත් ලෙස කටයුතු කරන රැඳවියන්ට නිවැසියන් සමග කාලය ගත කිරීම සඳහා නිවාස නිවාඩු යැවීමේ ක්‍රමයක් ක්‍රියාත්මක කරන බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

Read More

ශ්‍රී ලංකාවේ පවතින වත්මන් ඉන්ධන හිඟය මගහරවා ගැනීම සඳහා ඩීසල් ලබාදීම වෙනුවෙන් චීනය ඉදිරිපත් කළ යෝජනාවකට ශ්‍රී ලංකාව තවමත් ප්‍රතිචාර දක්වා නැති බව ඩේලි මිරර් පුවත් සේවය වාර්තා කරයි.

Read More

ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය 2022 මැයි මස 18 වැනි දින පැවති රැස්වීමේදී මෙම තීරණය ගත් බව දැනුම් දෙයි.

Read More

හිටපු අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතාගේ අනුරාධපුර කාර්යාලය පිහිටි නිවසට ඇතුළු වූ කලහකාරීන් පිරිසක් නිවසේ අල්මාරියක තිබූ මිලියන 12ක් පමණ වටිනා රන් පවුම් 60ක් සොරා ගෙන ගොස් ඇති බවට පැමිණිල්ලක් ලැබී ඇතැයි පොලිසිය පවසයි.

Read More

පවතින ආර්ථික අර්බුදය හේතුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ලබාදෙන මුද්දර සහනය වහාම අවලංගු කළ යුතු බවත්, එසේ නොමැති නම් අදාළ සහනය වෙනුවෙන් තැපල් දෙපාර්තමේන්තුව මුදල් ගෙවි යුතු බවත් ශ්‍රී ලංකා තැපල් හා විදුලි සන්දේශ නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.

Read More

යල කන්නයේ වගා කටයුතු අඩපණ නොවී පවත්වාගෙන යාමට අවශ්‍ය ඉන්ධන කඩිනමින් ගොවීන්ට ලබා දීමට අත්‍යාවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල් කේ.ඩී.එස්.රුවන්චන්ද්‍ර මහතා තීරණය කර ඇත.

Read More

රට ගොඩනැගීම වෙනුවෙන් ගන්නා වූ ක්‍රියාමාර්ග සඳහා සහයෝගය අපේක්ෂා කරන බවත් ඉදිරිපත් කළ යෝජනා 6ට පූර්ණ එකඟතාව පළ කරන බවත් සඳහන් කරමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා වෙත ලිපියක් යොමුකර තිබේ.

Read More

හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාට කොළඹ මහගමසේකර මාවතේ පිහිටි නිවස ලබා දීම සඳහා අමාත්‍ය මණ්ඩලය ගත් තීරණය බල රහිත කරන ලෙස ඉල්ලා ගොණුකල පෙත්සමේ වගඋත්තරකරුවෙකු ලෙස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා නම් කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය අවසර ලබා දී තිබේ.

Read More

මැති ඇමතිවරුන්ගේ නිවෙස් වලට පහර දී ගිනි තබා දේපළ සොරකම් කිරීමේ සිද්ධීන් වලට සමගාමීව හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතාගේ කාර්යාලය පිහිටි නිවසේ තිබූ ගිනි අවියක් අස්ථානගත වී ඇති බව පොලීසිය කියයි.

Read More

13 වන රණවිරු සැමරුම් දිනයට සමඟාමීව සන්නද්ධ හමුදා සේනාධිනායක අතිගරු ජනාධිපතිතුමාගේ අනුමැතිය ඇතිව, නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න විසින් නාවික හමුදා නිලධාරීන් 74 ක් සහ නාවිකයන් 2010ක් ඊලඟ නිලයට සහ තරාතිරමට උසස් කර ඇත.

Read More

අරලිය ගහ මන්දිරය ඉදිරිපිට හා ගෝල්ෆේස් පිටියේ පවත්වාගෙන ගිය සාමකාමී විරෝධතා සඳහා පහරදීමේ චෝදනා යටතේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන සනත් නිශාන්ත හා මිලාන් ජයතිලක එළැඹෙන 25දා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියොග කර තිබේ.

Read More

ගෙලිඔය ඉන්ධනහලට අද දිනයේදී පැමිණි ඩිසල් රැගත් තෙල් සැපයුම් බවුසරයේ ජලය ඇති බවට ඇති වු විරෝධතාවය පේරාදෙණිය පොලීසිය මැදිහත්විමෙන් සමතයකට පත් කර ගැනිමට හැකිවි ඇත.

Read More

මහලොකු දෙයක් විදිහට ලැබෙන බලපත්‍රය ගැන තමයි ජනතාව කථා කරන්නේ. එහෙම නැත්නම් ජනතාව හිතනවා අවුරුද්දේ දවස් 365ම පවුලේ සියලු දෙනා අරගෙන ඇවිත් මේ පාර්ලිමේන්තු භෝජනාගාරයෙන් රජ බොජුන් කනවා කියලා. මාසෙට උපරිමයෙන් ඕනනම් මන්ත්‍රීවරයෙක් දවස් තුන හතරක් කෑම කයි. අපි ලියුමකුත් අත්සන් කළා සාමානය මුදලකට සාමානය කෑමවේලක් අරගෙන දෙන්න ඒකට සම්පූර්ණ මුදල අය කරන්න කියලා අපි යෝජනා කරනවා.

Read More

ජනාධිපතිතුමා දුරකතන ඇමතුමක් ගත්තා ‘මම උදේ කිව්වා නේද මේක නවත්වන්න කියලා. මොකක්ද මේ වෙන්නේ’ කියලා ඇහුවා. එතකොට ඩී.අයි.ජී. තෙන්නකෝන් කිව්වා ‘සර් 12.40ට පොලිස්පතිතුමා මට කිව්වා මේකට කඳුළු ගෑස් ගහන්න එපා මේකට ජල ප්‍රහාර එල්ල කරන්න එපා. මේක නවත්වන්නව එපා කියලා පොලිස්පතිතු තුමා කිව්වා’ කියලා. ජනාධිපතිතුමා කිව්වා ‘තමුසෙට මම කිව්වේ රටේ ජනාධිපති වහාම නවත්වනවා’ කියලා ජනාධිපති කිව්වට පස්සේ තමයි කඳුළු ගෑස් ගහලා මේ ගමන නවත්වන්න ජනපතිතුමා මැදිහත්වුණේ.

Read More

බ්‍රිතාන්‍යයේ ටැටන්නෝ පළාත නියෝජනය කරමින් මිල්ටන් කේන්ස් කවුන්සිලය (Milton keyns council) සඳහා කන්සවේටිව් පක්ෂය නියෝජනය කරමින් පළාත් මැතිවරණයට ඉදිරිපත් වු ඌව පළාත් ආණ්ඩුකාරවර ඒ්. ජේ. ඒම්. මුසම්මිල් මහතාගේ දියණිය වන ශස්නා මුසම්මිල් මහත්මිය එයින් ජය ගත්තාය.

Read More

රණවිරු සැමරුම් දිනයට සමගාමීව අද (18දා) දින ශ්‍රී ලංකා යුද්ධ හමුදා නිලධාරින් 396 දෙනෙකු සහ සෙසුනිලයින් 8,110 දෙනෙකු ඔවුන්ගේ මීළඟ නිලයට උසස්කිරීමට කටයුතු කර තිබේ.

Read More

නිරිත දින මෝසම හෙට දිනය වන විට දිවයින හරහා ස්ථාපිත වනු ඇතැයි කාලගණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි. ඒ අනුව බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ හා දකුණු පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව එම දෙපාර්තමේන්තුව පවසයි.

Read More

ලිපියට අදාළ කාලසීමාව තුළදී පොලිස් ස්ථානාධිපතිරුන් 184ක් පත්කර ඇතැත් එයින් දෙදෙනෙක් හැරෙන්නට අනෙකුත් පත්කිරීම් නිසි ක්‍රම වේද අනුව සිදුව නොමැති බවත් ඔහු පෙන්වා දෙයි. මෙහිදි අදාළ ස්ථානාධිපතිවරුන් අතරින් පුද්ගලයන් 126ක්ම ස්ථානාධිපතිවරුන් ලෙස පත්කිරිමට අදාළ සම්මුඛ පරීක්ෂණ සඳහාද එක්ව නොතිබූ අය බව පොලිස්පතිවරයා සඳහන් කර තිබේ. එසේම සම්මුඛපරීක්ෂණවලදී පොලිස් ස්ථානාධිපතිධුරයක් සඳහා නිර්දේශ නොවූ නිලධාරීන් 03ක්ද ස්ථානාධිපතිවරුන් ලෙස පත්කර ඇතැයි ඔහු පවසයි.

Read More

සාමකාමීව විරෝධතා පවත්වාගෙන ගිය මයිනාගෝගම හා ගෝඨාගෝගම අරගලකරුවන් වෙත පහරදීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කරන පරීක්ෂණවලට අදාළව මොරටුව නගරාධිපති සමන්ලාල් ප්‍රනාන්දු මහතා අත්අඩංගුවට ගෙන තිබේ.

Read More

මයිනාගෝගමට හා ගෝඨාගෝගමට පහරදීමේ සිදුවීම් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කරන පරික්ෂණවලට අදාළව ඩෑන් ප්‍රයසාද් අත්අඩංගුවට ගෙන තිබේ.

Read More

දිවයින පුරා ඇති ප්‍රචණ්ඩත්වය හේතුවෙන් නිවාස හා දේපළ අහිමිවූ මන්ත්‍රීවරුන් වෙනුවෙන් තමන් සමාව ඉල්ලා සිටින බවත් ගෝල්ෆේස් අරගලය හා මන්ත්‍රීවරුන් අතර සම්බන්ධයක් ඇතිවිය යුතු බවත් පාර්ලිමේන්තු මන්ත්‍රි හරීන් ප්‍රනාන්දු මහතා පැවැසීය.

Read More

ම උගුරට ලේ රහ දැනෙනකම්. මේස් බැනියමට දාඩිය උණනකම් ලක්ෂ 3කට වැඩිය මිනිස්සුන්ට මගේ බුද්ධිය බෙදලා තියෙනවා. අපි මේ රටට ගෞරවයක් වෙන ලෙස හැසිරිලා තියෙනවා. පාර්ලිමේන්තු මන්ත්‍රී වැටුප අරන් නෑ. පාර්ලිමේන්තු මන්ත්‍රී වැටුප අපි වෙනුවෙන් අපි අරමුදලට බැර කරලා තියෙනවා. අපේ අම්මා සමාජ සත්කාරක වැඩපිළිවෙළට පරිත්‍යාග කර තිබෙනවා. මගේ සංසාර ගමනේ කිසි දවසක ඇමති නිල නිවසක ජීවත් වෙලා නෑ

Read More

ලෝක බැංකුව විසින් ශ්‍රී ලංකාව වෙත ඩොලර් මිලියන 160ක් ලබා දී ඇති බවත් එම මුදල ඉන්ධන වෙනුවෙන් ලබාදෙන ලෙස ඉල්ලීමක් කරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවට පැවැසීය.

Read More

හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මීට සුළු මොහොතකට පෙර පාර්ලිමේන්තුවට පැමිණියේය. මීට අමතරව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාද අද දින පැවැත්වෙන පාර්ලිමේන්තු සැසියට එක්ව තිබේ. මහින්ද රාජපක්ෂ මහතාට ආණ්ඩු පක්ෂයේ ඉදිරිපෙළ 4 වැනි අසුන හිමිව තිබේ.

Read More

ඉදිරි සති කිහිපය සඳහාත් අපි අඛණ්ඩව ඩීසල් ලබාදීම සිදුකරනවා. පෙට්‍රල් ගැන ගැටලුවක් තිබෙනවා. අපේ මුහුදු සීමාවේ පසුගිය මාර්තු මාසයේ 28 වැනිදා පමණ ඉදලා පෙට්‍රල් නෞකාවක් තිබෙනවා. මේ තිබෙන මූල්‍ය අර්බුදයත් එක්ක අපිට ඩොලර් නෑ අවශ්‍ය ගෙවීම් කරන්න.

Read More

යුක්රේනය මේ වනවිට පාලනය වන්නේ, එක්සත් ජනපදය සහ එක්සත් රාජධානිය විසින් බව රුසියාව පවසයි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.