ශ්රී ලංකාවේ ණය තිරසරභාවය ඇති කිරීම වෙනුවෙන් ණය හිමියන්ගේ හා සියලුම පාර්ශ්වයන්ගේ සහාය ලැබෙනු ඇතැයි තමන් විශ්වාස කරන බව ජනපති රනිල් වික්රමසිංහ මහතා පැවැසීය.
පිලිපීනයේ මැනිලා නුවර පැවැත්වෙන ආසියානු බැංකු අධිපතිවරුන්ගේ සමුළුව අමතමින් ජනපතිවරයා මේ බව සඳහන් කළේය. එහි සභාපතිවශයෙන් ජනපතිවරයා සමුළුව ඇමතිය.
ණය තිරසරභාවය ඇති කිරිම හරහා ශ්රී ලංකාව ශ්රී ලංකාව නැවතත් සංවර්ධන මාවතට අවතීරණ වෙනු ඇති බවද ඔහු පැවැසීය.
එසේම ශ්රී ලංකාව මේන වන විට මුහුණ දෙන අර්බුදයට දේශීය මෙන්ම විදේශීය හේතු බලපා ඇති බවද ඔහු සඳහන් කළේය.