ණය ලැබෙන කාලය ගැන කියන්න බෑ - IMF
ශ්‍රී ලංකාව හා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අතර ඩොලර් බිලියන 2.9ක විස්තීරණ ණය පහසුකම සම්බන්ධයෙන් ඇතිවූ කාර්ය මණ්ඩල එකඟතාව අනුව එම ණය මුදල් මෙම වසරේ දෙසැම්බර් මාසයේ සිට ලැබෙනු ඇතැයි ශ්‍රී ලංකාව විශ්වාසය පළ කළත් එය ලබාදීමේ කාලසීමා පිළිබඳව ප්‍රකාශ කළ නොහැකි බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවසා තිබේ.
නික්කෙයි ඒෂියා පුවත් සේවයට අදහස් දක්වා ඇති ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මෙරට නියෝජිතයන් දෙදෙනෙක් මේ බව සඳහන් කර තිබේ.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ශ්‍රී ලංකාවේ ජ්‍යෙෂ්ඨ ප්‍රධානී පීටර් බ්රේයුර් හා ශ්‍රී ලංකාව සඳහා ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ මෙරට නියෝජිත මසාහිරෝ නොසාකි යන මහත්වරුන් මේ බව පවසා තිබේ.
"ණය සහනයක් ලබාගන්නා තෙක් කාලසීමාවක් ගැන ප්‍රකාශ කරන්න අමාරුයි. මේ ක්‍රියාවලියට සම්බන්ධව සිටින සියලු දෙනා තම කාර්යයන් වේගවත් කළ යුතුයි. ඒ හරහා ශ්‍රී ලංකාවට මේ අර්බුදයෙන් ඉක්මනින්ම ගොඩ එන්න පුළුවන් වේවි" යැයි ඔවුන් සඳහන් කර තිබේ.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

