හිටපු ජනාධිපතිවරයා සැබෑ ප්රශ්නයේ බර ජනතාවට නොදී එම බර ආණ්ඩුව මත පටවාගෙන කටයුතු කරන්නට යාමෙන් නොසිතූ අර්බුදයකට රට පත් වූ බව රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පැවසීය .
මහනුවර දී ඊයේ (28දා) මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් එ් බව අවධාරණය කරමින්වැඩිදුරටත් මෙසේ පැවසීය .
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා රටේ සැබෑ ප්‍රශ්න ජනතාවට වසන් නොකර ඔවුන්ට සත්‍ය තත්ත්වය පෙන්වා දෙමින් රට පාලනය කරන්නට උත්සාහ කරනවා. රටේ තිබෙන සියලු ප්‍රශ්න ජනතාව ඉදිරියේ හෙළිදරව් කරමින් අර්බුදයට විසඳුම් සොයන වත්මන් ජනාධිපතිවරයා ජනතාවට හිමි කොටස ඔවුන්ට භාර දීමටත් පියවර ගෙන තිබෙනවා .
ආර්ථික අර්බුදය ජනතාවට වසන් කොට ප්‍රශ්නයට විසඳුම් සොයන්නට හිටපු ජනාධිපතිවරයා අවංක උත්සාහයක් ගත්තත් අවාසනාවකට එතුමාගේ උත්සාහය අසාර්ථක වුණා . රටේ සැබෑ ප්‍රශ්න නොදැන සිටි ජනතාව හිටිහැටියේ මතු වූ ආර්ථික අර්බුදයත් සමඟජනතාව කැළඹීමටපත්වීම නිසා එහි ප්‍රතිඵලයක් වශයෙන්ගෝඨාභය රාජපක්ෂ මහතාට ජනාධිපති ධූරය අතහැරීමට සිදුවූ බවද ඒ මහතා එහිදී වැඩිදුරටත් අවධාරණය කළේය.
ෂේන් සෙනෙවිරත්න