මැයි 09දා අකාර්යක්ෂමව රාජකාරි කළ පොලීසියේ 33කට ස්ථාන මාරු
මැයි 09වැනිදා ඇති වූ සිද්ධීන්වලදී හා සාමාන්‍ය රාජකාරී සිදුකිරීමේදී අකර්යක්ෂම ආකාරයට කටයුතු කිරීම මුල් කරගෙන පොලිස් ස්ථානාධිපතිවරුන් ඇතුළු පොලිස් නිලධාරීන් 33 දෙනෙකුට ස්ථාන මාරු ලබාදී තිබේ.
මහජන ආරක්ෂක අමාත්‍යාංශ ලේකම්වරයාගේ නිර්දේශ මත පොලිස්පතිවරයාගේ උපදෙස් මත අදාළ ස්ථාන මාරුකිරීම් සිදුකළ බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහල් තල්දූව මහතා පැවසීය.
මෙම පිරිස් රාජකාරී පැහැර හැරීමක් සිදුකර තිබෙන බවට හෙළි වී නොමැති බවත්, එහෙත් අකර්යක්ෂම ආකාරයට සිදුවන කටයුතු හේතුවෙන් මෙම පිරිස් සඳහා ස්ථාන මාරුවීම ලබාදී තිබෙන බවත් හෙතෙම පවසා සිටියේය.
මේ අනුව දොම්පේ, හෝමාගම, කැස්බෑව, කොහුවල, කිරිබත්ගොඩ, කළුතර, මීගමුව, මහනුවර, චීන වාරය, තිස්සමහරාම, පිටිගල, කෑගල්ල, කොළොන්නාව, ගාල්ල, කුරුනෑගල, කුලියාපිටිය, උයිලන්කුලම, අනුරාධපුර, මිහිතලේ, වාරියපොළ, මින්නේරිය, හෙට්ටිපොළ, දංකොටුව, නාරම්මල යන පොලිස් ස්ථානාධිපතිවරුන් සාමාන්‍ය රාජකාරී කටයුතු සඳහා වෙනත් පොලිස් ස්ථාවලට මාරු කර යවා තිබේ.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

