ඉන්දීය හිටපු අමාත්‍යවරයෙක් මෙන්ම වත්මන් භාරතීය ජනතා පක්ෂයේ ඉන්දීය පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් වන ආචාර්ය සුබ්‍රමනියම් ස්වාමි මහතා හිටපු ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා හමුවී තිබේ.
ශ්‍රී ලංකාවේ පැවැති වැඩසටහන් කිහිපයකට එක්වීම සඳහා දිවයිනට පැමිණ ඇති මන්ත්‍රිවරයා කොළඹ පිහිටි හිටපු ජනපතිවරයාගේ නිල නිවසේදී ගෝඨාභය රාජපක්ෂ මහතා හමුව තිබේ.
ඊයේ මෙම හමුව පවත්වා තිබේ. සුබ්‍රමනියම් ස්වාමි මහතා රාජපක්ෂ පවුලේ සමීපතම මිතුරෙකි.