අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා සහ ජපාන තානාපති මිසුකොෂි හිදෙයිකි (Mizukoshi Hideaki) මහතා අතර හමුවක් නිපුණතා පියසේ දී සිදු විය.
එහි දී අමාත්‍යවරයා විසින් ඉදිරියේ දී සිදු කිරීමට නියමිත අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳව තානාපතිවරයා දැනුම්වත් කළේ ය.
අධ්‍යාපනය සඳහා මෙන් ම ශ්‍රී ලංකාවේ දැනට පවතින ආර්ථික අර්බුදය සඳහා ද විසඳුම් දීමට හැකි සෑම අයුරකින්ම ජපානයේ සහයෝගය ලබා දෙන බව මෙහි දී තානාපතිවරයා සඳහන් කර තිබේ.
