දිවයිනේ නිරිත දිග කොටසට අද දිනයේ හා ඉදිරි දින කිහිපයේදී වැසි තත්ත්වයේ වැඩිවීමක් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
මේ අනුව බස්නාහිර හා සබරගමුව පළාත්වලටත්, මහනුවර, නුවරඑළිය, ගාල්ල හා මාතර දිස්ත්‍රික්කවලටත් විටින් විට වැසි ඇතිවන බව එම දෙපාර්තමේන්තුව පෙන්වා දෙයි.
වයඹ පළාතේද වැසි ඇතිවිය හැකි බවත්, ඌව පළාතෙත් අම්පාර හා මඩකලපුව යන දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි ඇතිවිය හැකි බවත් එම දෙපාර්තමේන්තුව පවසයි.
එසේම මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍ර දේශවලත්, උතුරු, උතුරුමැද හා දකුණු පළාත්වලත් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයෙත් විටින් විට හමන පැයට කිලෝමීටර් 50ක් දක්වා සුළං අපේක්ෂා කරන බවත් එම දෙපාර්තමේන්තුව දන්වා සිටියි.