කොළඹ කොටුව සිට මහනුවර දක්වා විශේෂ සුඛෝපභෝගී දුම්රියක් ලබන පළමු වැනි දා සිට සති අන්තයේදී ධාවනය කරන බව ජනමාධ්‍ය, ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන පවසයි.
කොළඹ කොටුව දුම්රිය ස්ථානයෙන් පෙරවරු 6.30ට ආරම්භ වන දුම්රිය මහනුවරට පෙරවරු 9.18ට ළගා වන බවත් නැවතත් මහනුවරින් පස්වරු 4.50ට පිටත් වී පස්වරු 7.40ට කොළඹ කොටුවට ළගා වන බවද අමාත්‍යවරයා සඳහන් කළේය.
මෙම දුම්රියේ පළමු පන්තියේ ආසනයක් රුපියල් 2000ක් සහ දෙවැනි පන්තියේ ආසනයක් රුපියල් 1500ක් වේ.
මහනුවර සංචාරය කරන දෙස් විදෙස් සංචාරකයන්ගේ පහසුව වෙනුවෙන් මෙම දුම්රිය යොදවන බව අමාත්‍යවරයා පැවසීය.