saravita-anim2

2025 ඔක්තෝබර් මස 02 වන බ්‍රහස්පතින්දා

2025 ඔක්තෝබර් මස 02 වන බ්‍රහස්පතින්දා

Latest News - timelapse 5381 hours ago

LATEST

යතුරු පැදි දෙකක් ගැටී තිදෙනෙක් මරුට

calendar_today 2022 මැයි 18 - 08:58 remove_red_eye - 194  

කෝපායි පොලිස් වසමේ තිරුනෙල්වේලි ප්‍ර දේශයේදී යතුරු පැදි දෙකක් මුහුණට මුහුණ ගැටීමෙන් සිදුවූ අනතුරකින් පුද්ගලයන් තිදෙනෙක් ජීවිතක්ෂයට පත්ව තිබේ.

ලෙබනනයේ හිස්බුල්ලා සංවිධානය විසින් දියත් කරන ලද ඩ්‍රෝන යානයට බාධා කළ බව ඊශ්‍රායලය පවසයි.

Read More

පසුගිය 09දා මයිනාගෝගම හා ගෝඨාගෝගම ප්‍ර දේශයන්ට පහරදීමේ සිදුවීම් සම්බන්ධයෙන් බස්නාහිර පළාත් භාර ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පැය 9ක ප්‍රකාශයක් ලබාගෙන තිබේ.

Read More

දශක තුනකට ආසන්න කාලයක් පැවැති එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදය යුධමය වශයෙන් පරාජයට පත්කර අදට (මැයි 18) වසර 13ක් සම්පූර්ණ වෙයි.

Read More

හෙට (18) දිනයේ පෙට්‍රල් ලබාගැනිම වෙනුවෙන් ඉන්ධන හල් අසළ පෝලිම්වල රැදී නොසිටින්නැයි ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව කියයි.

Read More

ඉදිරියේදී පිහිටවනු ලබන ආණ්ඩුවකට සහාය ලබාදෙන්නේ කුමන ආකාරයකටදැයි යන්න පිළිබඳව තිරණය කිරීම වෙනුවෙන් කරුණු 7ක් සම්බන්ධයෙන් පිළිතුරු විමසා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා වෙත සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් වන මනූෂ නානායක්කාර මහතා හා හරීන් ප්‍රනාන්දු මහතා ලිපියක් යොමුකර තිබේ.

Read More

අග්‍රාමාත්‍ය කාර්යාලයේ වියදම් ජුනි මස සිට සියයට පනහකින් කපා හැරිමට තීරණය කර තිබේ. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් අනුව අග්‍රාමාත්‍ය ලේකම් සමන් ඒ්කනායක මහතා මෙම පියවර ගෙන තිබේ.

Read More

ගෑස් රැගත් නෞකා තුනකට මුදල් ගෙවීමට හැකිවීම හේතුවෙන් ඉදිරි දින කිහිපය තුළ ගෘහස්ත ගෑස් සිලින්ඩර වෙළඳපොළට නිකුත් කිරීමට හැකිවෙනු ඇතැයි ලිට්‍රෝ සමාගම කියයි.

Read More

කොළඹ ගෝල්ෆේස් පිටියේ හා අරලිය ගහ මන්දිරය ඉදිරිපිට පවත්වාගෙන ගිය සාමකාමි විරෝධතාව සඳහා පහරදීමේ චෝදනා යටතේ පාර්ලිමේන්තු මන්ත්‍රී මිලාන් ජයතිලක මහතාද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන තිබේ.

Read More

නාවලපිටිය නගර මධ්‍යයේ පිහිටි මහින්දානන්ද අලුත්ගමගේ පදනම කාර්යාලයට පහර දුන්නේ යැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින තවත් සැකකරුවන් දස දෙනෙක් අද (17දා) නාවලපිටිය පොලිසියට භාර විමෙන් අනතුරුව එම සැකකරුවන් දස දෙනා නාවලපිටිය මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කරනු ලැබුහ.

Read More

පසුගිය 09 වැනි දින ගෝඨාගෝගම සහ මයිනාගෝගම සාමකාමි අරගල භූමි වෙත පහරදීම සම්බන්ධයෙන් චෝදනා ලැබූ පොදුජන පෙරමුණු පාර්ලිමේන්තු මන්ත්‍රී සහ හිටපු අමාත්‍ය සනත් නිශාන්ත අත්අඩංගුවට ගෙන තිබේ.

Read More

‘ගෝඨා ගෝ ගම’ සහ ‘මයිනා ගෝ ගම’ සාමාකාමී උද්ඝෝෂකයින්ට පොලු මුගුරු වලින් සන්නද්ධ පිරිසක් ගොස් කළ පහරදීමේ සිද්ධීන් වලට සම්බන්ධ පුද්ගලයින් ඉදිරි දින 02 තුළ අත්අඩංගුවට ගන්නා බව පොලිස්පතිවරයා සහ රහස් පොලිසිය බාර ජ්‍යෙෂ්ඨ නිලධාරීන් දැනුම් දුන් බව ශ්‍රී ලංකා නීතීඥ සංගමය දැනුම් දී ඇත.

Read More

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පොළොන්නරු දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරළ මහතා පසුගිය 9 වැනිදා මිය යාමෙන් පුරප්පාඩු වූ එම මන්ත්‍රී ධූරය සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පොළොන්නරු දිස්ත්‍රික්කයේ මනාප ලැයිස්තුවේ 5 වන ස්ථානයේ රැඳී සිටින ජගත් සමරවික්‍රමට මහතාට එම අවස්ථාව හිමිව තිබේ.

Read More

අරලියගහ මන්දිරය ඉදිරිපිට සහ ගාලුමුවදොර ජනාධිපති කාර්යාලය ඉදිරිපිට දී අරගලකරුවන්ට පසු ගිය 09 වැනිදා එල්ල වූ ප්‍රහාරය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීම සදහා බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා අද (17දා) මීට ටික වේලාවකට පෙර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණියේය.

Read More

ලොරියේ ඩීසල් ඉන්ධන ඉවර වීමෙන් අනතුරුව කෑන් එකක් රැගෙන පිරවුම්හලට පැමිණියත් කෑන් වලට ඉන්ධන ලබා නොදෙන බවට පොම්ප කරුවන් පැවසීමෙන් අනතුරුව එම රියදුරු විසින් ලොරියේ ඉන්ධන ටැංකිය ගලවාගෙන යතුරුපැදියක ගැටගසාගෙන පැමිණ සිටින අයුරු බණ්ඩාරගම නගරයේ දී දක්නට ලැබුණි.

Read More

හෙට (18) දිනයේ දී පැය 3යි මිනිත්තු 40ක විදුලි කප්පාදුවක් සඳහා අනුමැතිය ලබාදුන් බව මහජන උපයෝගීතා කොමිසම සඳහන් කරයි.

Read More

බණ්ඩාරගම කිසිදු ඉන්ධන පිරවුම් හලක පෙට්‍රල් නොමැති වීම හේතුවෙන් පාරිභෝගිකයෝ බණ්ඩාරගම නගරයේ හොරණ මාර්ගය ත්‍රීරෝද රථ යොදා ඊයේ (17දා) අවහිර කළහ.

Read More

2021-2022 වර්ෂය සදහා පැවති ශ්‍රි පාද වන්දනා වාරය අද (17දා) දින අලුයමින් අවසන් කල බව ශ්‍රි පාදස්ථානාධිපති සබරගමු පළාත් ප්‍රධාන සංඝ නායක , ඌව වෙල්ලස්ස විශ්ව විද්‍යාලයේ කුලපති , පැල්මඩුල්ල රජ මහා විහාරස්ථානයේ විහාරාධිපති පුජ්‍ය බෙන්ගමුවේ ධම්මදින්න හිමියන් පැවසිය.

Read More

වර්තමාන පාර්ලිමේන්තුවේ පවතින සංස්කෘතිය සමග ඉදිරියට යා නොහැකි බවත්, ඒ අනුව පාර්ලිමේන්තු සභාවක් නිර්මාණය කිරීමට යෝජනා කරන බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

Read More

අධික ලෙස මත්පැන් පානය කර පොලිස් ස්ථානාධීපතිවරයාගෙන් සෙට් වෙමුදැයි දුරකතනයෙන් විමසා පසුව පොලිස් ස්ථානයට ද පැමිණ කලහකාරීව හැසිරුණු පුද්ගලයකු ඊයේ (16දා) රාත්‍රියේ සැකපිට අත්අඩංගුවට ගත් බව කන්දකැටිය පොලිසිය පවසයි.

Read More

ඉහළ නැග තිබු ගිංගගේ ජල මට්ටම මේ වනවිට අඩුවෙමින් පවතින අතර අද (17) උදෑසන 7.00 වනවිට ගිංගගේ බද්දේගම ජල මාපකයේ ජල මට්ටම මිටර් 4.25ක් ලෙස සටහන්ව තිබු බව ගිංගග වාරිමාර්ග ඉංජිනේරු පි.ආර්. ද සිල්වා මහත්මිය සදහන් කළාය.

Read More

මැයි මස 18 වැනිදාට යෙදී ඇති 13 වන යුද සැමරුම වෙනුවෙන් මුලතිව් වෙල්ලමුල්ලි වයික්කාල් යුද සැමරුම් ස්ථානයේදී කිසිදු අයුරකින් කොටි ත්‍රස්ත නාම හෝ සංකේතයක් හෝ යොදානොගෙන සැමරීම් සිදුකිරීමට අවසරය ඇති බවට මුලතිව් පොලීසිය විසින් එහි සංවිධායකයින්ට දැනුම් දී තිබේ.

Read More

ජනපතිවරයාට අප්‍රසාදය පළ කිරීමේ යෝජනාව විවාදයට ගැනිම වෙනුවෙන් ස්ථාවර නියෝග අත්හිටුවීමට අදාළව පැවැත්වූ ඡන්ද විමසීමෙන් ආණ්ඩුව ජයගත්තේය.

Read More

ඔවුන්ගේ ඡංගම දුරකථන ඉන්දික අනුරැද්ධ සහ ඩී. වීරසිංහ යන මන්ත්‍රීවරුන් දෙදෙනා විසින් එම අවස්ථාවේ මන්ත්‍රීවරුන්ගේ භාරයට ගෙන ඇති අතර, පසුව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාට අසලට පැමිණ ඔහුට එම දුරකථන ලබා දීමට මන්ත්‍රීවරුන් දෙදෙනා කටයුතු කළහ.

Read More

පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග අත් හිටු වීම සම්බන්ධයෙන් ඡන්ද විමසීමක් කිරීමට කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා තීරණය කළේය.

Read More

අරලියගහ මන්දිරය ඉදිරිපිට හා ගාලුමුවදොර ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට පැවති විරෝධතාවයට පහර දීමට අදාලව නීතිපතිවරයා විසින් ලබා දී ඇති උපදෙස් අනුව කටයුතු කරන ලෙසට පොලිස්පති සී ඩී වික්‍රමරත්න මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට උපදෙස් ලබා දී තිබේ.

Read More

අද වන විට ඩොලරයක් වෙනුවෙන් ගෙවිය යුතු රුපියල් අගය 425.71ක් බවට (spot exchange rate) පත්ව ඇතැයි ලෝකප්‍රකට ආර්ථික විද්‍යාඥයෙක් වන ස්ටීව් හැන්කේ මහතා පැවැසීය.

Read More

ඡන්ද 109ක් ලබාගනිමින් නියෝජ්‍ය කථානායකවරයා ලෙස පත්වීමට ආණ්ඩු පක්ෂයෙන් යෝජනා කළ අජිත් රාජපක්ෂ මහතා පත්ව තිබේ. විපක්ෂය විසින් ඉදිරිපත් කළ රොහිනී කවිරත්න මහත්මිය ඡන්ද 78ක් ලබාගත්තාය. අවලංග වූ ඡන්ද සංඛ්‍යාව 23කි.

Read More

රාජපක්ෂ පවුලේ මහින්ද රාජපක්ෂ හා නාමල් රාජපක්ෂ යන මන්ත්‍රිවරුන් අද දිනයේදී පාර්ලිමේන්තු සභා ගර්භයට නොපැමිණියේය.

Read More

අවසන් සටනේදි ගැටුම්වලට මැදිවි මියගිය පිරිස් ස්මරණය කිරිම සදහා අම්පාර පොතුවිල් සිට රිය පෙරහැරකින් පැමිණි යුද්ධයේදි අතුරුදහන් වූ හා මියගිය අයගේ ඥාතීන් පිරිසක් අද (17දා) ත්‍රිකුණාමලය සිවන්කෝවිල අසලින් මුලතිව් වෙල්ලමුල්ලි වයික්කාල යෑම සදහා ගමන් ඇරඹීය.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.