saravita-anim2

2026 අප්‍රේල් මස 07 වන අඟහරුවාදා

2026 අප්‍රේල් මස 07 වන අඟහරුවාදා

Latest News - timelapse 5762 hours ago

LATEST

ව්‍යාපාරවලට පෙට්‍රල් දෙන් නෑ

calendar_today 2022 අගෝ 25 - 16:55 remove_red_eye - 1379  

2100 අධික ව්‍යාපාර සංඛ්‍යාවක් සඳහා ඔවුන්ගේම ඉන්ධන ගබඩා ටැංකි පාරිභෝගික ස්ථාන ලෙස ඇති බවත් බොහෝ ඒවා අනුමැතියකින් තොරව පිහිටුවා ඇති බව නිරීක්ෂණය කර ඇතැයි විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි.

අහසින් වැටෙන එකඳු දිය බිඳක් හෝ ප්‍රයෝජනයට නොගෙන සයුරට යා නොදීමේ පැරකුම් සංකල්පය මේ මහ පොළව තුළ පැල කර, ආහාර නිෂ්පාදනයට ප්‍රමුඛත්වය දී ස්වයංපෝෂිත ගම්මාන රට පුරා ඇති කිරීම අපගේ වගකීම බව, අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ප්‍රකාශ කළේය.

Read More

රට මුහුණදී තිබෙන ආර්ථික ගැටළු විසඳීම සම්බන්ධයෙන් යෝජිත අතුරු අයවැය මඟින් වැඩි අවධානයක් යොමුකෙර ඇති බවත් නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යංශයේ යෝජනා සකස් කිරීමේදී ඒ පිළිබඳව වැඩි අවධානයක් යොමුකරන ලෙස විෂයභාර අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා නිළධාරීන්ට උපදෙස් දී තිබේ.

Read More

ශ්‍රී ලාංකේය ජනතාවගේ හදිසි සෞඛ්‍ය අවශ්‍යතා සපුරාලීමට ඇමෙරිකානු ඩොලර් මිලියන 04ක් වටිනා අත්‍යාවශ්‍ය වෛද්‍ය සැපයුම් ලබා දෙන බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය ටෙඩ්‍රෝස් අධානම් ගෙබ්‍රීසියස් මහතා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත සුබපැතුම් පණිවිඩයක් යොමු කරමින් සඳහන් කරයි.

Read More

ඩීසල් සහ පෙට්‍රල් යන ඉන්ධන දෙවර්ගයේම තොග නොලැබෙන බව ලංකා ඛනිජ තෙල් පෞද්ගලික ටැංකි රථ හිමියන්ගේ සංගමයේ සම ලේකම් ශාන්ත සිල්වා මහතා පවසයි.

Read More

තනිවම ගුවනින් ලොව වටා ගොස්, ළබාලතම ගුවන් නියමුවා බවට පත්වන්නට බෙල්ජියම් ජාතික 17 වියැති මාර්ක් රදර්ෆඩ් අද (25දා) සමත්විය.

Read More

මන්දකට හසු වි සිටි තවත් කදුකර කොටි පැටවෙකු අද (25දා) දින ජිවිතක්ෂයට පත් වු බව නුවරඑලිය වනජිවි කාර්යාලයේ නිලධාරින් පැවසිය.

Read More

කුරුණෑගල මලිය⁣දේව විදුහල ඉදිරිපිට මාර්ගයේ නවතා තිබියදී පසුගිය 21වන දින සොරකම් කරගෙන ගොස් තිබූ කැබ් රථයක් මුහුණු පොතේ පළ කරන ලද පොස්ටුවක් මාර්ගයෙන් දින තුනක් ඇතුළත නැවත සොයා ගැනීමට හැකිවීමේ පුවතක් නිට්ටඹුවෙන් වාර්තාවේ.

Read More

ශ්‍රී ලංකාව සමග පවතින සමීප සබඳතා තවදුරටත් වර්ධනය කර ගැනීමට කැප වන බව දකුණු අප්‍රිකානු ජනරජයේ ජනාධිපති මතමෙලා සිරිල් රමෆෝසා මහතා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත සුබපැතුම් පණිවුඩයක් යොමු කරමින් සඳහන් කර තිබේ.

Read More

මොනරාගල පොලිස් කොට්ඨාසයේ විෂ මත්ද්‍රව්‍ය ඒකකයේ නිලධාරීන් කණ්ඩායමක් පෙරේදා (24) හම්බේගමුව පොලිස් වසමට අයත් පඩරැල්කෙම රක්ෂිතවනයේ සිදුකළ වැටලීමකදී ගංජාහේනක් සොයාගෙන ඇත.

Read More

සතියකට ඉන්ධන ලීටර් 30 ක් ලබා දෙන ලෙස ඉල්ලා වෘත්තීය ත්‍රීරෝද රථ සේවක සංගමයේ සාමාජිකයන් විසින් පිළියන්දල නගරයේ විරෝධතාවයක් පැවැත්විණි.

Read More

ඌරගහ රන්තොටවිල ඉහල මාලවල පදේශයේ ඊයේ (24දා) රාත්‍රී සිදුවූ වෙඩි තැබීමකින් අයෙක් මරුමුවට පත්වූ බව ඌරගස්මන්හන්දිය පොලීසිය පවසයි.

Read More

මධ්‍යම අධිවේගී මාර්ගයේ කඩවත - මීරිගම කොටසෙහි ඇතැම් ප්‍රදේශයන්හි කොන්ක්‍රීට්වලට යොදා ඇති කම්බි කොටස් කපා යකඩ සදහා අලෙවි කෙරෙන ජාවාරමක් සිදුවන බව වාර්තාවේ.

Read More

හැටන් සමර්හිල් වතුයායේ දී මද්දකට හසුවී ගසක් උඩ සිරවී සිටි කඳුකර කොටියාගේ මරණය සම්බන්ධයෙන් සෙවීමට පත් කළ ත්‍රිපුද්ගල කමිටුවේ අවසන් වාර්තාව කෘෂිකර්ම, වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍ය මහින්ද අමරවීර මහතාට බාර දී තිබේ.

Read More

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ලබන මස මුල් සතියේදී නැවත ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත බව ඩේලි මිරර් පුුවත් සේ්වය පවසයි. ඒ් අනුව ඔහු සැප්තැම්බර් 2 හෝ 3 යන දිනවල නැවත පැමිණීමට ඉඩ ඇති බවද එම පුවත් සේවය පවසයි.

Read More

කතරගම සිට කොළඹ බලා ධාවනය වූ අර්ධ සුඛෝපභෝගී පෞද්ගලික බස් රථයක් සහ යතුරුපැදියක් ඊයේ (24දා) රාත්‍රි මුහුණට මුහුණ ගැටී සිදුවූ රිය අනතුරකින් යතුරුපැදිකරු මියගොස් ඇතැයි පයාගල පොලිසිය පවසයි .

Read More

වැලිකඩ රිමාන්ඩ් බන්ධනාගාරය තුළට ජංගම දුරකථන දෙකක්, බැටරි දෙකක් සහ බැටරි ආරෝපණ දෙකක් ( චාජර) රැගෙන යාමට උත්සාහ දැරූ රැඳවියෙකු අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බළකාය පවසයි.

Read More

ජනපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන සති අන්තයේදී මොණරාගල හා කතරගම සංචාරයකට එක්විමට නියමිතව තිබේ. මේ අනුව ජනපතිවරයා මුුලින්ම එළැඹෙන 27දා මොණරාගලට පමිණ මොණරාගල දිස්ත්‍රික් සංවර්ධන සභාවට මොණරාගල පුුස්තකාල ශ්‍රවණාගාරයේදී එක්වීමට නියමිතව තිබේ. ඉන් අනතුරුව 28 දා ජනපතිවරයා කතරගම කිරිවෙහෙර හා දේවාලය, වැඩසිටි කන්ද විහාරය, තිස්සමහාරාම විහාරස්ථානය යන ස්ථානයන්හි සංචාරය කිරිිමට නියමිතය.

Read More

ජූලි මාසයේදී මෙරට ඇඟලුම් අපනයන ආදායම අඛණ්ඩව දෙවැනි මසටත් අමෙරිකානු ඩොලර් මිලියන 500 සීමාව ඉක්මවා ඇති බව ශ්‍රි ලංකා ආයෝජන මණ්ඩලයයය පවසයිි.

Read More

අගෝස්තු මාසයේ මුල් සති තුන තුළ මෙරටට පැමිණි සංචාරකයින් සංඛ්‍යාව 30,000 සීමාව ඉක්මවා තිබෙනවා.ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ දත්ත වලට අනුව අගෝස්තු 01 සිට 23 දක්වා කාලය තුළ සංචාරකයන් 31,105 ක් මෙරටට පැමිණ ඇත.

Read More

ඒක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩුබායි හි පවත්වනු ලබන විස්සයි විස්ස ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය සහභාගී වීම සදහා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අද සවස කටුනායක ගුවන් තොටුපළෙන් පිටත්ව ගියේය.

Read More

කොලොන්න පොලිස් වසමේ සිංහරාජ වනාන්තරයට මායිම්ව පිහිිටි Green Eco Lodge සුඛෝපභෝගී හෝටල් සංකීර්ණය හිටපු ජනපති මහන්ද රාජපක්ෂ මහතාගේ තෙවැනි පුත් රෝහිත රාජපක්ෂ මහතාට අයත් බවට තහවුරු වී තිබේ.

Read More

ශ්‍රී ලංකාව තුළ LGBTQ + ප්‍රජාවන්හි අයිතිවාසිකම් ආරක්ෂා කිරීමේ අරමුණින් දණ්ඩ නීති සංග්‍රහය සංශෝධන සඳහා වන පනත් කෙටුම්පතක් අද (24) පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ ප්‍රේමනාත් සී දොළවත්ත මහතා විසින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත භාර දෙනු ලැබිණ.

Read More

රුසියාව වෙත තැපැල් භාණ්ඩ යොමුකිරීම හෙට සිිට යළි ආරම්භ කරන බව තැපැල්පති රංජිත් ආරියරත්න මහතා පවසයි. ඒ අනුව දිවයිනේ සියලුම තැපැල් කාර්යාල හරහා රුසියාවට යැවීීම වෙනුවෙන් තැපැල් භාණ්ඩ භාර ගන්නා බවද තැපැල්පතිවරයා පවසයි.

Read More

ශ්‍රී ලංකාව මුහුණ දී සිටින මූල්‍ය අර්බුදයට විසඳුම් ලබාදීම වෙනුවෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග සිදු කෙරෙන මූලික වටයේ සාකච්ඡාවක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේ දී අද (24) පස්වරුවේ පැවැත්විණි.

Read More

ශ්‍රී ලංකාවේ වගා හානි සිදු කරන වනසත්ව ලැයිස්තුවෙන් වන අලියා ඉවත් කිරීමට පියවර ගන්නා ලෙස කෘෂිකර්ම වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා වනජීවි හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශයේ ලේකම් චන්ද්‍රා හේරත් මහත්මියට උපදෙස් ලබා දී තිබේ.

Read More

රටේ වෙළෙඳපොළ ආර්ථිකයක් පවතින මේ යුගයේ ඉල්ලුම හා සැපයුම අනුව භාණ්ඩ මිල තීරණය කිරීම ට ඉඩ හරිනවා විනා මිල පාලනය කිරීම හා ඒ සඳහා ගැසට් පත් නිකුත් කිරීමෙන් සිදුවන්නේ භාණ්ඩ සඳහා කෘතිම හිඟයක් ඇතිවීම යැයි සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඉරාන් වික්‍රමරත්න මහතා පවසයි.

Read More

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන රෝහිත අබේගුණවර්ධන සහ ජොන්ස්ටන් ප්‍රනාන්දු යන අයවලුන්ගේ රත්මලාන නිවාස වලට පහර දී දේපල කොල්ල කෑමේ සිද්ධීන් වලට සම්බන්ධ කාන්තාවක සහ පිරිමි පුද්ගලයෙකු අද (24දා) අත්අඩංගුවට ගත් බව බස්නාහිර පළාත දකුණ අපරාධ කොට්ඨාසය පවසයි.

Read More

නුවරඑලිය අඹේවෙල ජලාශයේ මියගොස් සිටින ගෝනුන් විශාල පිරිසකගේ සිරුරු කඩිනමින් ඉවත් කිරිමට අවශ්‍ය පියවර ගන්නා බව නුවරඑලිය පොලිස් කොට්ඨාශයේ සහකාර පොලිස් අධිකාරි සමන්ත ජයසුන්දර මහතා පැවසිය.

Read More

අරලියගහ මන්දිරයට බලහත්කාරයෙන් ඇතුළු වූ බවට එල්ල වූ චෝදනාවක් සම්බන්ධයෙන් බලංගොඩ කාශ්‍යප හිමි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.