මොනරාගල පොලිස් කොට්ඨාසයේ විෂ මත්ද්‍රව්‍ය ඒකකයේ නිලධාරීන් කණ්ඩායමක් පෙරේදා (24) හම්බේගමුව පොලිස් වසමට අයත් පඩරැල්කෙම රක්ෂිතවනයේ සිදුකළ වැටලීමකදී ගංජාහේනක් සොයාගෙන ඇත.
එහි ගංජා ගස් 3122 තිබී ඇති අතර ගංජා වගාවේ අයිතිකරු වන හම්බේගමුව ප්‍රදේශයේ පදිංචි 49 හැවිරිදි පුද්ගලයෙකු අත්අඩංගුවටගෙන ඇත.
මෙම ගංජා වල වටිනාකම රුපියල් ලක්ෂ දහයක් පමණ වේ.
සැකකරු සහ ගංජාතොගය වැල්ලවාය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත්කිරීම සඳහා හම්බේගමුව පොලීසියට භාරදී ඇත.
හම්බේගමුව පොලිසිය පරීක්ෂණ පවත්වයි.
මොනරාගල සුමනසිරි ගුණතිලක
