ශ්‍රී ලංකාව සමග පවතින සමීප සබඳතා තවදුරටත් වර්ධනය කර ගැනීමට කැප වන බව දකුණු අප්‍රිකානු ජනරජයේ ජනාධිපති මතමෙලා සිරිල් රමෆෝසා මහතා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත සුබපැතුම් පණිවුඩයක් යොමු කරමින් සඳහන් කර තිබේ.
රනිල් වික්‍රමසිංහ මහතා වෙත ජනාධිපති ධූරයට පත්වීම නිමිත්තෙන් හෘදයාංගම සුබපැතුම් පිරිනමා ඇති දකුණු අප්‍රිකානු ජනාධිපතිවරයා දෙරට අතර පවතින මිත්‍රත්වය තවදුරටත් තහවුරු කර ගැනීම සිය අභිලාෂය බව දන්වා තිබේ.
ශ්‍රී ලංකාව සමග ඇති සබඳතාවලට අතීතයේ සිට දකුණු අප්‍රිකාව සුවිශේෂත්වයක් ලබා දී ඇති අතර ඉදිරියට ද දෙරට අතර සහයෝගීතාව, මිත්‍රත්වය සහ අන්‍යෝන්‍ය අවබෝධය ශක්තිමත් කර ගැනීම වෙනුවෙන් විශේෂ අවධානයෙන් කටයුතු කරන බව එම සුබපැතුම් පණිවුඩයේ වැඩිදුරටත් සඳහන් වේ.