ඩීසල් සහ පෙට්රල් යන ඉන්ධන දෙවර්ගයේම තොග නොලැබෙන බව ලංකා ඛනිජ තෙල් පෞද්ගලික ටැංකි රථ හිමියන්ගේ සංගමයේ සම ලේකම් ශාන්ත සිල්වා මහතා පවසයි.
ඒ හේතුවෙන් රට පුරා නැවතත් ඉන්ධන හිඟයක් ඇති වී තිබෙන බවද ලේකම්වරයා පැවසීය.
පිරවුම්හල් රැසක් ඉන්ධන නොමැතිවීම හේතුවෙන් වසා දමා ඇති බවත් ඇතැම් පිරවුම්හල් අසල නැවතත් දිගු පෝලිම් නිර්මාණය වී ඇති බවත් ශාන්ත සිල්වා මහතා සඳහන් කළේය.