වැලිකඩ රිමාන්ඩ් බන්ධනාගාරය තුළට ජංගම දුරකථන දෙකක්, බැටරි දෙකක් සහ බැටරි ආරෝපණ දෙකක් ( චාජර) රැගෙන යාමට උත්සාහ දැරූ රැඳවියෙකු අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බළකාය පවසයි.
වැලිකඩ බන්ධනාගාර පොලිස් විශේෂ කාර්ය බළකා කඳවුරේ නිලධාරීන් විසින් රැඳවියන් පරික්ෂා කිරීමේදී කලිසම් සාක්කුවේ සඟවාගෙන සිටි මෙම චාජර සහ බැටරි සොයාගත් බව පොලිසිය කියයි.
අත්අඩංගුවට ගත් සැකකාර රැඳවියා වැඩිදුර විමර්ශන කටයුතු සඳහා ජේලර් ප්රදීප් රණසිංහ වෙත භාර දී ඇත.
සැකකරු වැල්ලම්පිටියේ පදිංචි 48 හැවිරිදි පුද්ගලයෙකි.
