LGBTQ + අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට දණ්ඩ නීති සංග්‍රහය සංශෝධන කිරීමට පනතක්
ශ්‍රී ලංකාව තුළ LGBTQ + ප්‍රජාවන්හි අයිතිවාසිකම් ආරක්ෂා කිරීමේ අරමුණින් දණ්ඩ නීති සංග්‍රහය සංශෝධන සඳහා වන පනත් කෙටුම්පතක් අද (24) පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ ප්‍රේමනාත් සී දොළවත්ත මහතා විසින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත භාර දෙනු ලැබිණ.
දණ්ඩ නීති සංග්‍රහය (සංශෝධන) (19 වන අධිකාරය වූ) දණ්ඩ නීති සංග්‍රහය සංශෝධනය කිරිම සඳහා වූ මෙම පනත් කෙටුම්පත ඊයේ (23) පුද්ගලික මන්ත්‍රී යෝජනාවක් ලෙස නීතිඥ ප්‍රේමනාත් සී දොළවත්ත මහතා විසින් පාර්ලිමේන්තුට ඉදිරිපත් කර තිබිණ.
LGBTQ + ප්‍රජාව සම්බන්ධයෙන් මෙරට සමාජය තුළ ඇත්තේ අතිශය පසුගාමී අදහසක් වන අතර මේ නිසා දෛනික ජීවන කටයුතුවලදී පමණක් නොව රාජ්‍ය සහ නීතිය ක්‍රියාත්මක කරන ආයතනවලදී පවා මෙම ප්‍රජාව විවිධ හිංසනයන්ට, පීඩාවන්ට සහ අතවරයන්ට පත් වූ අවස්ථා බොහෝය.
එසේම ඇතැම් අවස්ථාවලදී ව්‍යවස්ථාවෙන් තහවුරු කර ඇති මූලික අයිතිවාසිකම් පවා මෙම ප්‍රජාවගේ උල්ළංඝනය වූ අවස්ථා ද වාර්තා වී ඇත.
ලිංගික දිශානතීන් සහ ලිංගික හැඳිනීම් මත පුද්ගලයන් දණ්ඩනයට ලක් කිරීම වික්ටෝරියානු යුගයේ යටත් විජිතවාදී නීති පද්ධතීන් මගින් ලොව පුරා ව්‍යාප්ත කරනු ලැබූවකි. නමුත් නූතන මනෝ - වෛද්‍ය විද්‍යාව තුළ මෙය අපරාධයක් හෝ විකෘතියක් ලෙස නොසලකයි.
එසේම දියුණු රටවල් මෙම ප්‍රජාව දණ්ඩනයට ලක් කිරීම සහ ඔවුන්ගේ අයිතිවාසිකම් සීමා කිරීමට පනවා ඇති නීති රීති සංශෝධනය කිරීමට කටයුතු කර ඇත.
මේ සියල්ල සැලකිල්ලට ගෙන මෙම පුද්ගලික මන්ත්‍රී යෝජනාව නීතිඥ ප්‍රේමනාත් සී දොළවත්ත මහතා විසින් යොමු කර තිබේ.

popular news
-
VINIVIDA Thursday, 25 August 2022 12:54 AM
ලෝකයේ බොහෝ රටවල මෙන් ශ්‍රී ලංකාවේ LGBTQ අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට නීති සම්මත කල පසු ඔවුනට සමාජයේ වෙනත් කණඩායමක් නොව සමාජයේම පිරිසක් බව සහ පිළිගැනීමක් සහ ආරක්ෂාවක් ලැබේ. නමුත් රජය ශ්‍රී ලංකාවේ LGBTQ අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට නීති සම්මත කිරීමේදී වැදගත්ම කොටසක් මේ අවස්ත්වෙදීම සම්මත කර ගත යුතුවේ. කිසිදු අවස්තවකදී LGBTQ කණඩායම් දරුවන් හදා වඩා ගැනීමට ( To raise children ) අවස්තවක් ලබානොදිය යුතුවේ. එයට හේතුව නම් LGBTQ LGBTQ කණඩායම් දරුවන් හදා වඩා ගනු ලබන දරුවා පාසල් යාමේදී ඔහුට බලපාන මානසික තත්වය සහ දරුවන් පාසලේදී, සමස්තයක් වසයෙන් සමාජයේදී ඔහුට මුහුණ දීමට තිබෙනාවූ ගැටළු අප්‍රමාණය. එමනිසා ශ්‍රී ලංකාවේ LGBTQ අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට නීති සම්මත කලද ඔවුනට දරුවන් හදා වඩා ගැනීමට ( To raise children ) අවස්තවක් ලබානොදිය යුතුවේ. ලෝකයේ දියුණු රටවල මවැනි අවස්ථවන් සදහා ඉඩ ලබා දී තිබුනද එම දරුවාගේ මානසිකත්වය එම දරුවා සමාජයේදී මුහුණ දීමට සිදුවන ගැටළු පිලිබදව ඔවුන් අදයයනයක් කර නොමැත.
Reply : 1 1
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

