තනිවම ලොව වටා ගිය ළබාලතම ගුවන් නියමුවා
තනිවම ගුවනින් ලොව වටා ගොස්, ළබාලතම ගුවන් නියමුවා බවට පත්වන්නට බෙල්ජියම් ජාතික 17 වියැති මාර්ක් රදර්ෆඩ් අද (25දා) සමත්විය.
ඒ මෙයින් මාස 05 කට ප්රථම ගමන් ආරම්භ කල බල්ගේරියානු සොෆියා ගුවන්තොටුපොල වෙත සිය යානාව ගොඩබැස්සවීමත් සමගිනි.
ඒ සමගින් ගිනස් ලෝක වාර්තා දෙකකට හිමිකම් කියන්නට ඔහු සමත් වූ අතර ඉන් එක් වාර්තාවක් සාරා රදර්ෆඩ් නමැති ඔහුගේ සහොදරිය විසින් පසුගිය වසරේ දී තැබූව ක් වීම ද විශේෂත්වයකි.
මේ වෙනුවෙන් රදර්ෆඩ් නියමුවා, දින 142 ක කාලයක් තුල ගවනේ පැය 221 ක් රැඳි සිට තිබූ අතර ගමන් කර තිබූ සමස්ථ දුර ප්රමාණය කිලෝමීටර 54 124 කි. එමෙන්ම මහද්වීප 04 කට අයත් රටවල් 30 ක එම කාලය තුල සංචාරය කර තිබූ මෙම ලාබාලතම නියමුවා, එහිදී ගොඩබැස්සවීම් හා පිටත්වීම් 68 ක් සිදුකර තිබුණි.
එහිදී දීර්ඝතම ගුවන් ගමන් ඛණ්ඩය ලෙස ජපානයේ සිට ඇමරිකාව දක්වා ගමන් කල පැය 10 ක ගුවන් ගමන සටහන්ව තිබූ අතර එය මුළුමනින්ම සාගරය හරහා ගමන් කර ඇත.
මෙම සංචාරය සඳහා ශාක්ලට් මාඳිළියේ සැහැල්ලු ගුවන් යානාවක් භාවිතා කර තිබුනි.

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

