ඌරගහ රන්තොටවිල ඉහල මාලවල පදේශයේ ඊයේ (24දා) රාත්‍රී සිදුවූ වෙඩි තැබීමකින් අයෙක් මරුමුවට පත්වූ බව ඌරගස්මන්හන්දිය පොලීසිය පවසයි.
මෙම වෙඩි තැබීමෙන් මිය ගොස් ඇත්තේ ඌරගහ රන්තොටවිල ඉහල මාලවල පදිංචි කොටමූනහේවගේ ධම්මික විමලවීර නැමති තිස් හැවිරිදි අයෙක් බවද පොලීසිය කියයි.
මිය ගිය අය බාබර් සැලුන් එකක් පවත්වාගෙන යන අයෙකු බවත් ඔහු එහි සිටියදී මේ වෙඩි තැබීම සිදුවී ඇති බවත් පොලීසිය කියයි.
දෙමහල් ගොඩනැගිල්ලක ඔහු සිය සැලුන් එක පවත්වාගෙන යන බවත් වෙඩික්කරුවන් තරප්පුපෙල දිගේ සැලුන් එක ඇතුළට පැමිණ වෙඩි තැබීමට උත්සහා කළ අවස්ථාවේදී ඔහු පස්සා දොරෙන් පලා යාම සදහා ගොඩනැගිල්ලේ පළමු මහලයේ වහලය මතට පැන්න අවස්ථාවේදී වෙඩික්කරුවන් තැබූ වෙඩි වැදීමෙන් ඔහු වහලය උඩ වැටී මිය ගොස් සිටි බවත් පොලීසිය කියයි.
ඇල්පිටිය පදේශයේදී 2019.09.06දින ලංගම බස් රථයක් තුලදී පුද්ගලයකු ඝාතනය කිරීමේ සිද්ධියක් මේ ඝාතනයට ආසන්නතම හේතුවක් විය හැකි බවද පොලීසිය කියයි.
යතුරු පැදියකින් පැමිනුනු නාදුනන තුවක්කුකරුවන් දෙදෙනෙක් මේ වෙඩි තැබීම සිදුකොට පලාගොස් ඇති බවද පොලීසිය කියයි.
ඇල්පිටිය ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී පී.එල්.ලීලවංශ මහතාගේ උපදෙස් පරිදි ඌරගස්මංහන්දිය පොලීස් ස්ථානාධිපති පධාන පොලිස් පරීක්ෂක හරිත් හල්විට මහතා ඇතුළු කණ්ඩායමක් මේ පිලිබදව වැඩිදුර පරීක්ෂණ පවත්වති.
කරන්දෙණිය එම්.සුසිල් පියන්ත
