නුවරඑලිය අඹේවෙල ජලාශයේ මියගොස් සිටින ගෝනුන් විශාල පිරිසකගේ සිරුරු කඩිනමින් ඉවත් කිරිමට අවශ්‍ය පියවර ගන්නා බව නුවරඑලිය පොලිස් කොට්ඨාශයේ සහකාර පොලිස් අධිකාරි සමන්ත ජයසුන්දර මහතා පැවසිය.
එම ජලාශයේ ගෝනුන් විශාල පිරිසක් මියගොස් සිටින බවට අඹේවෙල පොලිස් ස්ථානයේ ස්ථානාධිපතිවරයා විසින් කල දැනුම් දිමක් මත සහකාර පොලිස් අධිකාරිවරයා ඇතුළු නුවරඑලිය පොලිසියේ නිලධාරින් පිරිසක් එම ජලාශයේ ධිවර කටයුතු වල නියැලි සිටින ධිවරයන් සමග අද (24දා) ජලාශයේ විමර්ෂණයක නිරත විය.
එම විමර්ෂණයෙන් අනතුරුව අප කල විමසුමකට සහකාර පොලිස් අධිකාරිවරයා කියා සිටියේ හෝර්ටන් තැන්න පාරිසරික කලාපයේ සහ අඹේවෙල රක්ෂිතයේ සැරිසරන ගෝනුන් දඩයම්කරුවන් අටවන උගුල් වලට හසු වි සහ එම රක්ෂිතයේ ආහාර සහ ජලය සොයා අඹේවෙල රක්ෂිතයට පැමිණෙන ගෝනුන් අයාලයේ සැරිසරන දඩයම් සුනඛයින් විසින් සපා කා ගෝනුන්ව ජලාශයට පන්නා දමන බවයි.
දඩයම් සුනඛයින් විසින් ගෝනුන් සපා කැමෙන් අනතුරුව ගෝනුන්ගේ දැස් නොපෙනෙන බවත්, ඉන් අනතුරුව ජලාශයේ දිවි බේරා ගැනිම සදහා පිනා යන ගෝනුන් ජලාශයේම ගිලි මෙසේ ජිවිතක්ෂයට පත් වන බවයි.
එම ජලාශයේ ධිවර කර්මාන්තයේ නියැලි සිටින ධිවරයින්ද කියා සිටින්නේ නුවරඑලිය දිස්ත්‍රික්කය තුල පිහිටි පිරිසිදුම ජලාශ අතරින් අඹේවෙල ජලාශයට සුවිශේෂි තැනක් හිමිවන බවයි.
අක්කර 996කින් සමන්විත එම ජලාශයේ කිහිප දෙනෙකු නිතියානුකුලව ධිවර කර්මාන්තයේ නියැලෙන බවත්,මාස දෙකක් වැනි කෙටි කාලයක් තුල මෙසේ ගෝනුන් විශාල පිරිසක් ජලාශය තුල මියයාම නිසා මේ වන විට ජලාශය තුල විශාල පරිසර හානියක් සිදු වි ඇති නිසා ධිවර කර්මාන්තයේද නියැලිමට නොහැකි තත්ත්වයක් උද්ගත වි ඇති බවයි.
අඹේවෙල රක්ෂිතය තුල අයාලේ යන දඩයම් සුනඛයන් 30 දෙනෙකු පමණ සැරිසරන බවත්, එම සුනඛයින් ගෝනුන් , මුවන් , හාවුන් වැනි සතුන් දඩයම් කර ජිවත් වන බවත්, එම රක්ෂිතය තුලට පිවිසෙන ඕනැම කෙනෙකුට සුනඛයන් දැක ගැනිමට හැකි වන බවයි ධිවරයින් කියා සිටින්නේ.
වනජිවි නිලධාරින්ට මේ පිලිබදව දැනුම් දුන්නද ඔහුන් එම ස්ථානයට පැමිණ විමර්ෂණයක් සිදු කලද ඉන් අනතුරුව මෙතෙක් කිසිදු ප්‍රතිචාරයක් නොමැති බවත්,මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් පිරිසක් පැමිණ මියගිය ගෝනුන්ට ජලභිතිකා රෝගය වැලදි ඇත්ද යන්න පිලිබදව සොයා බැලිමට මිය ගිය ගෝනෙකුගේ හිසක් කපාගෙන ගිය බව අඹේවෙල ජලාශයේ ධිවර කටයුතු වල නියැලි සිටින ධිවරයින් කියා සිටියහ.
