ටෝකියෝ, අගෝස්තු 30 (රොයිටර්) - ශ්‍රී ලංකාවේ මූල්‍ය අර්බුදය විසඳීම සඳහා ජපානය අනෙකුත් ණය හිමියන් සමඟ සම්බන්ධීකරණය කරන බවත් ශ්‍රී ලංකාවේ ණය සම්බන්ධයෙන් එකම මේසයක සිට සාකච්ඡා කරන ලෙස සියලුම ණය දෙන ජාතීන්ගෙන් ඉල්ලා සිටින බවත් ජපාන මුදල් අමාත්‍ය ෂුනිචි සුසුකි මහතා අඟහරුවාදා ප්‍රකාශ කළේය.
"ශ්‍රී ලංකාවේ දරුණු සමාජ-ආර්ථික තත්ත්වය පිළිබඳව අපි කනස්සල්ලට පත්ව සිටිමු," සුසිකි මහතා වාර්තාකරුවන්ට පැවසීය.
ශ්‍රී ලංකාවට ණය සහන පැකේජයක් ක්‍රියාත්මක කිරීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) සමඟ සාකච්ඡා කඩිනම් කළ යුතු බවත් චීනය සහ ඉන්දියාව ඇතුළු සියලුම ද්විපාර්ශ්වික ණයහිමියන් ගැටලුව සාකච්ඡා කිරීමට රැස්විය යුතු බවත් ඔහු පැවැසීය.
"ජපානයට අනෙකුත් ණය දෙන රටවල් සහ පොදු සංවිධාන සමඟ ක්‍රියාකාරීව සහයෝගයෙන් කටයුතු කිරීමට අවශ්‍යයි." යැයි ඔහු පැවැසීය.