රජයේ ප්රතිපත්තියක් ලෙස රජයේ කාර්යයන් සඳහා මින් මතු පොසිල ඉන්ධන පාදක කරගෙන ධාවනය කරන වාහන මිලදී ගැනීම අත්හිටුවන බව ජනපතිවරයා සිය අයවැය කථාවෙන් පැවැසීය.
මේ අනුව ඉදිරියේදී රාජ්ය සේවය සඳහා විදුලියෙන් ධාවනය වන වාහන මිලදි ගන්නා බවත් පෞද්ගලික අංශයටද මෙවැනි වාහන භාවිත කිරීමට උනන්දු කරන බව ඔහු පැවැසීය.