රජයේ නිශ්චල හා චංචල දේපළ පිළිබඳව පුළුල් අධ්‍යනයක් සිදුකරන බව බව ජනපති රනිල් වික්‍රමසිංහ මහතා අතුරුඅයවැය ඉදිරිපත් කරමින් පැවැසීය.
“ප්‍රසස්ත ලෙස භාවිත කිරීම සඳහා මෙන්ම ආදායම් උපයා ගැනීමේ ක්‍රියාවලිය සඳහා සුදුසු දේපළ හඳුනා ගැනීමට රජය සතු ගොඩනැගිලි, වාහන, ඉඩම් ඇතුළු නිෂ්චල හා චංචල දේපළ පිළිබඳ පුළුල් අධ්‍යනයක් කරනවා”
එසේම ආදායම් උත්පාදනය කිරීම වෙනුවෙන් වූ නියමු ව්‍යාපෘතියක් ලෙස ප්‍රා දේශීය සභා කිහිපයක් ආසන්නයේ ඇති මහ නගර සභා සමග ඒකාබද්ධ කිරීමට පියවර ගන්නා බවද ජනපතිවරයා පැවැසීය.
එසේම පළාත්පාලන ආයතන ආදායම් උත්පාදනය කිරිමේ ක්‍රියාවලිය මාර්ගගතව ලබන වසරේ සිට ක්‍රියාත්මක කළ යුතු බවද ඔහු පැවැසීය.