වයස අවුරුදු 18ට වැඩි සියලු පුද්ගලයන් බදු සීමා නොසලකා දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ අනිවාර්යෙන් ලියාපදිංචි විය යුතු බව ජනපති රනිල් වික්‍රමසිංහ මහතා අතුරුඅයවැය ඉදිරිපත් කරමින් පැවැසීය.
“ආදායම් ඉහළ නැංවීම සඳහා බදු එකතුකිරීමේ කාර්යක්ෂමතාව වැඩි කිරීමට, බදු අනුකූලතාව වැඩි කිරීමට හා බදු ගෙවීම පැහැර හැරීම වැළැක්වීමට බදු පරිපාලනය ප්‍රධාන කාර්යයක් ඉටු කළ යුතු වෙනවා.
දැනට පවතින අවශ්‍යතාවන්ට අනුකූලව බදු නිදහස් සීමා නොසලකා වයස අවුරුදු 18 වැඩි සියලු වාසික පුද්ගලයන්ට අනිවාර්යයෙන් දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ලියාපදිංචිවීමේ අවශ්‍යතාව හඳුන්වාදීමට යෝජනා කරනවා”