නුවරඑලිය උඩුපුස්සැල්ලාව සිට මඩකලපුව දක්වා ධාවනය වු පෞද්ගලික බස් රථයක් ප්රධාන මාර්ගය හරහා පෙරලිමෙන් බස් රථයේ ගමන් ගත් 18 දෙනෙකු තුවාල ලබා වලපනේ ප්රාදේශිය රෝහලට සහ රිකිල්ලගස්කඩ දිස්ත්රික් මහ රෝහල වෙත ඇතුලත් කර ඇති බව වලපනේ පොලිසියේ ස්ථානාධිපති ප්රධාන පොලිස් පරික්ෂක එන්.ඩි.හෙට්ටිආරච්චි මහතා පැවසිය.
මෙම අනතුර අද (30දා) උදැසන 10.30 ට පමණ සිදු වි ඇත්තේ උඩුපුස්සැල්ලව වලපනේ ප්රධාන මාර්ගයේ වලපනේ මහව්ව වංගුව ප්රදේශයේදිය.
මඩකලපුවේ සිට උඩුපුස්සැල්ලාව ප්රදේශයේ පැවති විවාහ මංගල උත්සවයකට පැමිණි පිරිසක් එම උත්සවය අවසන් වි ආපසු මඩකලපුව දක්වා ගමන් කරමින් සිටියදි අධික බැවුමක් සහිත ප්රදේශයේදි බස් රථය ප්රධාන මාර්ගය හරහා පෙරලි ගොස් ඇති බවයි මුලස්ථාන ප්රධාන පොලිස් පරික්ෂකවරයා කියා සිටියේ.
අනතුරෙන් තුවාල ලැබු කාන්තාවන් පස්දෙනෙකු රිකිල්ලගස්කඩ දිස්ත්රික් මහ රෝහලට සහ අනෙකුත් තුවාලකරුවන් වලපනේ ප්රාදේශිය රෝහලේ ඇතුලත් කර ඇති බවත්, අනතුරෙන් තුවාල ලැබු අයගේ තත්ත්වය බරපතල නොවන බවයි වලපනේ පොලිසිය කියා සිටියේ.
බස් රථය ගමන් ගත් මාර්ගය අධික බැවුමක් සහිත මාර්ගයක් බවත්, බස් රථයේ තිරිංග පද්ධතියේ හදිසියේ ඇති වු කාර්මික දෝෂයක් අනතුරට හේතුව වි ඇති බවයි අනතුර පිලිබදව පරික්ෂණ පවත්වන වලපනේ පොලිසිය කියා සිටියේ.
බස් රථය අනතුරට පත් වන අවස්තාවේ බස් රථය තුල 28 දෙනෙකු ගමන් කර ඇති බවද පොලිසිය පැවසිය.
