නීති විරෝධී ලෙස මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයා ගත් බවට සැක කරන රුපියල් කෝටි දෙකකට ආසන්න මුදල් සහ රන් ආභරණ තොගයක් රාජ්‍ය බැංකු ශාඛාවක තැන්පත් කර තිබූ මත්ද්‍රව්‍ය ජාවාරම් කාරියක් වන ග්‍රෑන්ඩ්පාස් ඩිලානි ප්‍රියදර්ශනී හෙවත් ලොක්කි නැමැත්තිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.
එම සැකකාරියගේ නමට බැංකුවේ රුපියල් ලක්ෂ 20ක මුදලක් ඉතිරි කිරීමේ ගිණුමක හා රුපියල් ලක්ෂ 16ක මුදලක ස්ථාවර තැන්පතු ගිණුමක් ද තිබූ බව පොලිසිය කියයි.
සැකකාරිය බැංකුවේ ආරක්ෂිත සේප්පුවේ තැන්පත් කර තිබූ රන් ආභරණ තොගය ලබාගැනීමට බැංකුවට පැමිණෙන බවට ලද තොරතුරක් අනුව වැටලීම කළ බව පොලිසිය කියයි.
සැකකාරිය අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී ඉණෙහි සඟවාගෙන සිටි රුපියල් 71000 ක මුදලක් ද පොලිසිය භාරයට ගෙන ඇත.
මෙම මත්ද්‍රව්‍ය ජාවාරම් කාරිය විසින් කොළඹ 14 ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේ න් නිවාස සහ ඉඩම් 5 ක් මිලදී ගෙන ඇති බවට ලද තොරතුරක් අනුව විමර්ශන සිදුකරන බව පොලිස් නිලධාරීයෙකු පැවසීය.
අත්අඩංගුවට ගත් 53 හැවිරිදි සැකකාරිය කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පරීක්ෂණ පවත්වයි