saravita-anim2

2025 සැප්තැම්බර් මස 29 වන සඳුදා

2025 සැප්තැම්බර් මස 29 වන සඳුදා

Latest News - timelapse 5146 hours ago

LATEST

PUCSL සභාපතිගේ චෝදනාවට පිළිතුරු දෙන්න කංචන අවස්ථාවක් ඉල්ලයි

calendar_today 2022 ජුලි 08 - 10:26 remove_red_eye - 981  

ඉන්ධන මිල සහ ප්‍රසම්පාදනය සම්බන්ධයෙන් මහජන උපයෝගිතා කොමිසමේ සභාපතිවරයා විසින් කරන ලද චෝදනා පිළිබඳව විමසීම සඳහා ලංකා ඛනිජ තෙල් නිතිගත සංස්ථාව හා තමන්ව පාර්ලිමේන්තුවේ කෝප් කමිටුව වෙත කැඳවන ලෙස විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි.

හැටන් ලංගම ඩිපෝව මගින් දින හතක සිට තම බස්රථ වලට ඩිසල් ඉන්ධන ලබා නොදිමට විරෝධය පාමින් හැටන් බස් නැවතුම්පොලින් ධාවනය වන ලංගම බස් රථ වලට ධාවනය කිරිමට ඉඩ ලබා නොදී පෞද්ගලිකස් බස් රථ හිමියන් විරෝධතාවයක් අද (08දා) ආරම්භ කර ඇත.

Read More

ජපානයේ නාරා නගරයේ පැවති උත්සවයකදී වෙඩි තැබීමකින් පසු ජපානයේ හිටපු අගමැති ෂින්සෝ මහතා තුවාල ලබා රෝහල් ගත කර තිබේ.

Read More

කළුතර දිස්ත්‍රික් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පාර්ලිමේන්තු මන්ත්‍රී ලලිත් වර්ණ කුමාර ( දයාබර මංජු) හොරණ අඟුරුවාතොට,දොඹගොඩ හමුදා කදවුර මංසන්ධියේ පිහිටි නිවසකට වෙඩි ප්‍රහාර කිහිපයක් එල්ල කර පලා ගොස් ඇතැයි අඟුරුවාතොට පොලිසිය සඳහන් කරයි.

Read More

ගාල්ල දෙවට ඉන්ධන පිරවුම්හළක සිදුවූ ගැටුමකින් අද (08දා) අලුයම පුද්ගලයකු මියගොස් ඇතැයි පොලිසිය පවසයි.

Read More

ආරක්ෂක අමාත්‍යාංශය යටතේ පැවැති රක්නා ආරක්ෂක ලංකා සමාගම ආයෝජන ප්‍රවර්ධන අමාත්‍ය ධම්මික පෙරේරා මහතා යටතට පත්කරමින් ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් අතිවිශේෂ ගැසට් පත්‍රයක් නිකුත් කර තිබේ.

Read More

මෙරට ශ්‍රමිකයින්ට කොරියානු රැකියා අවස්ථා වැඩි ප්‍රමාණයක් ලබාදීම සම්බන්ධයෙන් ඇමැතිවරයා අවධානය යොමු කළ අතර වසර දහයකට වඩා වැඩි කාලයක් කොරියාවේ සේවය කර මෙරටට පැමිණි ශ්‍රමිකයින්ට නැවත වරක් රැකියා අවස්ථා ලබාදීමට ඇති හැකියාව ගැන සලකා බලන ලෙසද ඉල්ලා සිටියේය. එවැනි ශ්‍රමිකයින්ට ලබාදිය යුතු ඊ 7 වර්ගයේ වීසා ලංකාවේ ශ්‍රමිකයින්ට ලබාදීමට කළ ඉල්ලීම සම්බන්ධයෙන් කොරියානු රජයේ අවධානය යොමු කිරීමටද තානාපතිවරයා සහතික විය

Read More

පයාගල අද (07) සවස 6.00 ට IOC ඉන්ධන හල අසලදී ත්‍රීරෝද රථ රියදුරෙකු සහ කාර් රථයක පැමිණි පුද්ගලයකු සමග ඇති වූ බහින් බස් වීමක් දුර දිග යාමෙන් කාර් රථයේ පැමිණි පුද්ගලයා ඔහුට හිතවත් තවත් පුද්ගලයින් 06 කු රැගෙන විත් ත්‍රීරෝද රථ රියදුරුට කඩුවකින් පහර දී ඇත.

Read More

ඉන්ධන ලීටරයක් දැනට අළෙවි කරන මිලට වඩා රුපියල් 200 ක් අඩු මිලකට ජනතාවට ලබාදීමේ හැකියාව ඇති බව මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා අද (7) පැවසීය. කොළඹදි විශේෂ මාධ්‍ය හමුවක් පවත්වමින් ඔහු සඳහන් කළේ ඉන්ධන ලීටරයක සත්‍ය ආනයනික වියදම රුපියල් 300 ට අඩු මට්ටමක පවතින බවයි.

Read More

රුසියාව තුළ අසමගිය වැපිරීමට බටහිරයන් ගත් උත්සාහයන් අසාර්ථක වූ බව රුසියානු ජනාධිපතිවරයා අවධාරණය කරයි.

Read More

කොවිඩ් ආසාදිතයන්ගේ තරමක වැඩිවීමක් මේ වන විට සටහන් වෙමින් පවතී. මේ අනුව අද දිනයේදී කොවිඩ් ආසාදිතයන් 20ක් හඳුනාගත් බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි.

Read More

යුක්රේනය මුල් කරගනිමින් නව සීතල යුද්ධයක් ඇති කිරීමට දරන උත්සාහයට එරෙහිව චීනය දැඩි අනතුරු ඇඟවීමක් සිදුකරයි.

Read More

මේ වසරේ මාර්තු 31 දින සිට මැයි 15දා තෙක් දිවයිනේ ප්‍ර දේශ කිහිපයක සිදුවූ විනාශකාරී ක්‍රියාවන් නිසා දේපල හානියට පත්වූ පුද්ගලයන්ට වන්දි ගෙවීමට රජය තීරණය කර තිබේ.

Read More

එක්සත් ජනපදය රුසියාවට සහ එහි සමීප මිතුරෙකු වන බෙලාරුසියාවට එරෙහිව සෘජු යුද්ධයක් සඳහා සැලසුම් සකසමින් සිටින බව බෙලාරුසියානු හමුදා බුද්ධි අංශ ප්‍රධානියා අනතුරු ඇඟවීය.

Read More

ඉදිරි කාලයේ දී රටේ උද්ධමනය සියයට 70ක් දක්වා ඉහළ යා හැකි බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පැවැසිය. අද පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු සඳහන් කළේ පොලී අනුපාත වැඩිකර උද්ධමනය පාලනය කර ගැනිමට උත්සාහ කරන බවයි.

Read More

බොකෝ හරාම් ත්‍රස්ත සාමාජිකයන් සහ නඩු විභාගවලට පෙනී සිටින හෝ දැනටමත් වරදකරුවන් වූ ඉහළ පෙළේ රාජ්‍ය නිලධාරීන් ඇතුළු රැඳවියන් 994ක් අඟහරුවාදා අග ප්‍රහාරයට පෙර එම ස්ථානයේ සිටි බව කියයි.

Read More

කැනේඩියානු මහ කොමසාරිස් ඩේවිඩ් මැක්කිනොන් මහතා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද (07දා) පස්වරුවේ කොළඹ, කොටුව ජනාධිපති මන්දිරයේ දී හමුවිය.

Read More

රුසියාව සමග ගැටුම සාමකාමීව විසඳා නොගතහොත් යුක්රේනය සිතියමෙන් අතුරුදන් විය හැකි බව හිටපු ට්‍රම්ප් හමුදා උපදේශක කර්නල් ඩග්ලස් මැක්ග්‍රෙගර් ස්කයි නිව්ස් ඔස්ට්‍රේලියාව සමග සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් පැවසීය.

Read More

අපනයන බහාලුම් රථ වලින් සියයට 90ක් අද (7දා) දිනයේ ධාවනය නොවූ බව එක්සත් ලංකා බහාලුම් ප්‍රවාහන රථ හිමිකරුවන්ගේ සංගමය පවසයි.

Read More

රට රාජපක්ෂවරුන්ගෙන් මුදවා ගැනීම සඳහා සිදු කරන අරගලයන්ගේ අවසන් දිනය එළැඹෙන 09 වැනිදා විය යුතු බවත්, ඒ සඳහා සියලු පක්ෂ එකට එක්විය යුතු බවත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය පැවසුවාය.

Read More

කොට්ටාව අන්තර් හුවමාරු මධ්‍යස්ථානයට ආසන්නයේදී කන්ටේනර් රථයක් පෙරළීමෙන් රියදුරු හා සහයක තුවාල ලබා හෝමාගම මූලික රෝහලට ඇතුළත් කර ඇතැයි අධිවේගී රථවාහන පොලිසිය පවසයි.

Read More

මෙරට භාවිතයට ගැනීමට නොහැකි දුම්රිය මැදිරි 103ක් ඉන්දියාවෙන් ගෙන්වීමෙන් විශාල මුදල් නාස්තියක් සිදුවීම සම්බන්ධයෙන් රජයේ ගිණුම් පිළිබද පාර්ලිමේන්තු කාරක සභාව (කෝපා) අප්‍රසාදය පළ කර තිබේ.

Read More

නීතිවිරෝධීව මෙරටට ගෙන්වන ලද රුපියල් කෝටියකට වැඩි වටිනාකමකින් යුත් විදේශීය දුම්වැටි ,මත්පැන් සහ වියලි කහ තොගයක් සමග පුද්ගලයන් දෙදෙනෙකු විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත.

Read More

මේ අවස්ථාවේදි මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් ගිවිසුමකට ශ්‍රී ලංකාව සමග එක්නොවන බව ශ්‍රි ලංකාවේ ඇමෙරිකානු තානාපති ජුලි චුංග් මහත්මිය පැවැසුවාය.

Read More

බත්තරමුල්ල, ආගමන විගමන දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලයේ ගමන් බලපත්‍ර ලබාගැනීමේ පෝලිමේ රැඳී සිටි ගැබිනි මවක් අද (7දා) අළුයම දරුවෙකු ප්‍රසූත කර තිබේ.

Read More

කොළඹ කොටුව සහ මරදාන දුම්රිය ස්ථානවල ස්ථානාධිපතිවරු ඉවත් කිරීමට කටයුතු කර ඇති බව වාර්තා වේ.

Read More

දුම්රිය ධාවනාගාර සේවකයින් අද (7දා) නැවතත් වර්ජනයක් ආරම්භ කර තිබේ.

Read More

ධම්මික පෙරේරා අමාත්‍යවරයාට කුමන න්‍යාය පත්‍ර තිබුණද වර්ථමානයේ කටයුතු කරමින් සිටිනුයේ හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාගේ රූකඩයක් ලෙස බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නලීන් බණ්ඩාර මහතා පැවසීය.

Read More

ශ්‍රී ලංකාවට ඉන්ධන සැපයීම පිළිබඳව සාකච්ඡා කිරීම සදහා රුසියානු තෙල් සමාගම් නියෝජිතයන් දෙදෙනෙකු අද (07දා) උදෑසන කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි.

Read More

ඕස්ට්‍රේලියාවට එරෙහිව ටෙස්ට් තරගයට සහභාගි වීමට නියමිතව සිටි ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩකයින් දෙදෙනෙකු වන ධනංජය ද සිල්වා සහ ජෙෆ්රි වැන්ඩර්සේට කොවිඩ් වෛරසය ආසාදනය වී තිබේ.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.