උදුවප් පෝය දවසේ මහළු මව්වරුන් තිදෙනෙකු පානදුර නගරයේ අතරමං කරලා
උදුවප් පොහොය දින පානදුර නගරයේ අතරමංකර මහ මග දමා ගොස් සිටී මව්වරුන් තිදෙනෙකු හමුවූ බව පානදුර මූලස්ථාන පොලිස් පරීක්ෂක චාමින්ද පින්තු මහතා කීය.
70,78 සහ 85 වියැති වදුරම්මුල්ල, හොරණ සහ කොළඹ ප්‍රදේශවල පදිංචි කතුන් තිදෙනෙකු මෙලෙස හමුවූ බව පානදුර දකුණ පොලිසිය සදහන් කරයි.
කොළඹ ප්‍රදේශයේ පදිංචි කාන්තාවගේ අනන්‍යතාවය මෙතෙක් හදුනා ගැනීමට නොහැකිව ඇතැයිද පැවසේ.
වදුරම්මුල්ල ප්‍රදේශයේ කාන්තාවක නිවසට ගොස් ඇරලවූ බවත්, අනෙක් කාන්තාව හෙට දිනයේ වැඩිහිටි නිවාසයකට යොමුකිරීමට නියමිත බවත්, කොළඹ ප්‍රදේශයේ පදිංචි කාන්තාව අසනිප තත්ත්වයේ පසුවූ බැවින් පානදුර මූලික රෝහලට ඇතුලත් කල බවත් පොලිසිය පවසයි.
පානදුර මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක චාමින්ද පිංතු මහතාගේ උපදෙස් පරිදි ළමා හා කාන්තා කාර්යාංශයේ ස්ථානාධිපතිපතිනී පොලිස් පරීක්ෂක අයි කුමාරසිංහ මහත්මිය ඇතුළු නිළධාරිනියන් පරීක්ෂණ පවත්වති.
පානදුර සුමිත් පොතුපිටිය
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
