උඩරට දුම්රිය මාර්ගයේ පීලි පැනීම් හා ගස් කාඩවැටීම් නිසා දුම්රිය ගමනා ගමනයට බාධා ඇතිවී තිබේ. ඊයේ (7)රාත්රී බදුල්ල සිට කොළඹ කොටුව දක්වා ගමන්කරමින් තිබූ රාත්රී තැපැල් දුම්රිය රදැල්ලේදී පිලිපැනීම නිසා කොළඹ බදුල්ල බලා පැමිණි දුම්රිය හැටන් දුම්රිය ස්ථානයේ නතර කර තිබේ.
මේ අතර අද (8) අළුයම ඉදල්ගස්හින්න හා ඔහිය දුම්රිය ස්ථාන අතර ප්ර දේශයේ දී දුම්රිය මගට ගස්හා පස් කඩැටීම නිසා බදුල්ලේ සිට කොළඹ කොටුව බලා අද පෙ.ව.5.45 ට පිටත්වීමට තිබූ උඩරට මැණිකේ දුම්රියද ගමන් ආරම්භ නොකළ බව දුම්රිය ප්රකාශකයෙක් පැවසීය. මේ තත්වය නිසා මගීන් දැඩි දුෂ්කර තාවයට පත්වූහ.
පාලිත ආරියවංශ