පියාට සහ බාප්පා ට අධිකරනයෙන් දඩ නියම කිරීම සම්බන්ධයෙන් බඳවා ගැනීමේ ආකෘති පත්‍ර සඳහන් නොකළ යි පවසා වසරකට අධික කාලයක් දිවා රෑ නොබලා සේවය කළ ආධුනික කොස්තාපල් වරයෙකු ගේ පත්වීම අවලංගු කර ඇතැයි පොලිස් ආරංචිමාර්ග සඳහන් කරයි
මෙලෙස පත්වීම අවලංගු කර ඇත්තේ පිලියන්දල පොලිසියේ සේවය කළ (99628) කේ එම් එස් එල් කුමාර නැමැති ආධුනික පොලිස් කොස්තාපල් කොස්තාපල්වරයාගේය.
2021 සැප්තැම්බර් පළවෙනි දින පොලිස් සේවයට එක් වී මූලික පුහුණුව හැදෑරීමෙන් පසු පිළියන්දල පොලිස් ස්ථානයට අනුයුක්තව සේවයේ යෙදී සිටිය දී මෙම නියෝගය මීට දින කිහිපයකට ඉහතදී ලැබී ඇතැයි පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.
කුලී රැකියාවක නිරත කොස්තාපල්වරයාගේ පියා 2017 වසරේදී නිවසේ ඉදිකිරීම් කටයුත්තක් සඳහා වැලිගොඩ දැමීමේ වරදට හසලක පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන මහියංගණ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රුපියල් 10,000 ක දඩයක් නියම කර තිබූ අතර 2021 මාර්තු 2 වැනි දින බලපත්‍ර නොමැතිව බර වර්ධන ඔයේ මැණික් පතල් කැපීමේ වරදට එම පොලිසිය මගින් ම අත්අඩංගුවට මහියංගන මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කර රුපියල් 5000ක දඩයක් ද නියම කර තිබිණි.
ඊට අමතරව කොස්තාපල්වරයාගේ බාප්පා 2021 වසරේ පෙබරවාරි එක් වෙනි දින බර වර්ධන ඔයේ මැණික් පතල් කැපීමේ වරදට හසලක පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන මහියංගණ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව 5000 ක දඩයකට යටත් කර තිබීම පත්වීම අවලංගු කිරීමට ආසන්නම හේතුව වී තිබුනි.
සාමාන්‍යයෙන් පොලිස් සේවයට කිසියම් පුද්ගලයකු එක්වීමේදී ඔහුගේ පසුබිම් වාර්තාව තම ගම් ප්‍රදේශයේ පොලිසියේ නිලධාරියකු පෞද්ගලික සොයා බලා වාර්තාව ලබා දීම සිදු කරන අතර එම වාර්තාවේ මෙම කොස්තාපල්වරයා හෝ පියා හා බාප්පා සම්බන්ධයෙන් කිසිදු අයහපත් සඳහනක් නැතැයි ද පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි
කොස්තාපල්වරයාගේ පියාට සහ බාප්පාට විරුද්ධ ව තිබෙන අයහපත් වාර්තා සම්බන්ධයෙන් බඳවා ගැනීමේ ආකෘති පත්‍ර වල හා බඳවා ගන්නා අවස්ථාවේ සම්පූර්ණ කරන ස්වයං ප්‍රකාශයේ සඳහන් නොකර වංක චේතනාවෙන් පොලිස් සේවයට බැඳී ඇති බැවින්, ඉහත අයහපත් කරුණු සඳහන් නොකිරීමෙන් වංක භාවය පදනම් කර වංක අදහස් දරන අයෙක් තවදුරටත් පොලිස් සේවයේ තබාගැනීම තුළින් පොලිසියේ කීර්ති නාමයට කැළලක් වීමට ඉඩ ඇති බැවින් පත්වීම අවලංගු කරන බව ගල්කිස්ස ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා විසින් කොස්තාපල්වරයා වෙත ලිඛිතව දැනුම් දී ඇත.