සියනෑ ගොවි සංවිධානය යටතේ වී වගාකරනු ලබන ගොවීන් සඳහා සියයට සීයක්ම කාබනික පොහොර ලබා දෙන ලෙසට, ගම්පහ දිස්ත්‍රික් කෘෂිකර්ම කමිටුවට යෝජනා කර සිටියේය.
මෙවර කෘෂිකර්ම කමිටු රැස්වීම වැඩ බලන දිසාපති සුගත් කිත්සිරි මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති අවස්ථාවේදී ගොවි සංවිධානයේ උපදේශක කරුණාදාස මිහිකන්දල සහ සභාපති දයානන්ද අත්තනායක යන මහත්වරුන් විසින් මෙම යෝජනාව ඉදිරිපත් කරමින්, දැනට රජය මගින් ලබා දෙන කාබනික පොහොර සියයට 30 සහ රසායනික පොහොර සියයට 70 ක ප්‍රමාණය වෙනුවට , කාබනික පොහොර සියයට සීයක්ම ලබා දීම සිදු කරන ලෙස ඉල්ලා සිටියහ.
කාබනික පොහොර භාවිතය සම්බන්ධයෙන් මාධ්‍යයට අදහස් දක්වමින් ගොවි සංවිධානයේ සභාපති දයානන්ද මහතා සදහන් කර සිටියේ, තම සංවිධානය යටතේ ගම්පහ දිස්ත්‍රික්කය පුරා යාවජීව සාමාජිකයින් 200 දෙනෙකු සහ වාර්ෂික සාමාජිකයින් 300 ක් පමණ වන ගොවීන් පිරිසක් දැනට කාබනික පොහොර පමණක් භාවිතා කරමින් සාර්ථකව වී වගාව සිදු කරන බවත් මේ යටතේ අක්කරයකින් බුසල් 110 ක පමණ ඉහළ අස්වැන්නක් ලබා ගැනීමට හැකිව ඇති බවත්ය.
පසුගිය 2020 වර්ෂයේදී නියමු ව්‍යාපෘතියක් ලෙස කාබනික පොහොර පමණක් භාවිතා කරමින් ගම්පහ දිස්ත්‍රික්කයෙහි සිදු කළ වී වගාව අතිශයින්ම සාර්ථකවූ බව සදහන් කළ දයානන්ද අත්තනායක මහතා, මේ වනවිට මිනුවන්ගොඩ, දිවුලපිටිය, මීරිගම, බියගම, උඩුපිල, දොම්පෙ, අත්තනගල්ල, ගණේමුල්ල, ගම්පහ, කටාන, මහර, මල්වතුහිරිපිටිය ප්‍රදේශ ඇතුලු දිස්ත්‍රික්කයෙහි ප්‍රදේශ ගණනාවක කාබනික පොහොර භාවිතය යටතේ වී වගා කරන බැවින් සියයට සීයක්ම කාබනික පොහොර ලබා දෙන ලෙස මෙලෙස රජයෙන් ඉල්ලා සිටින බවය.
තිලකරත්න දිසානායක
