දෙනෝ දහසක් දෙනා බලා සිටියදී මාලිගාවත්ත ජයන්ත වීරසේකර මාවත ප්රදේශයේදී පුද්ගලයෙකුට යකඩ බටයකින් සහ අතින් පයින් පහර දී ඝාතනය කර ඇතැයි මාලිගාවත්ත පොලිසිය කියයි.
මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ, මාලිගාවත්ත, මස්ජිත් පාර පදිංචිව සිටි ජංගම යතුරුපැදි අලුත්වැඩියා කරන්නෙකු ලෙස රැකියාව කළ මොල්ලිගොඩ ලියනාරච්චිගේ දොන් නිශාන්ත උදය නැමැති 44 වී ඇති පුද්ගලයෙකි.
ඝාතනයට ලක්වූ පුද්ගලයා එම ප්රදේශයේ යමින් සිටියදී පළමුව එක් පුද්ගලයෙකු පැමිණි යකඩ බටයකින් පහරදී ඇති අතර අනතුරුව තවත් පුද්ගලයන් පිරිසක් එක්වී අතින් පයින් පහර දී බරපතළ තුවාල ලබා ජාතික රෝහලට ඇතුළත් කර සිටියදී මියගොස් ඇතැයි පොලිසිය කියයි.
දුරකථන අංක 118 ලද තොරතුරක් අනුව විමර්ශන ආරම්භ කළ බව පොලීසිය කියයි. ඝාතනය කලක සිට පැවති ආරවුලක් හේතුවෙන් ඇති වූ බහින් ඇතිවූ බහින්බස් වීමක් දුරදිග යාමෙන් සිදු වූ පහරදීමක් හේතුවෙන් සිදු වී ඇති බවත් ආරවුලට හේතුව මෙතෙක් අනාවරණය වී නැති බවත් පොලිසිය කියයි
පහරදීමට සම්බන්ධ සැකකරුවන් හඳුනාගෙන ඇති අතර අත්අඩංගුවට ගැනීම සඳහා විශේෂ කණ්ඩායමක් යොදවා ඇතැයි ආරංචි මාර්ග සඳහන් කරයි.
මාලිගාවත්ත පොලීසියේ ස්ථානාධිපති ප්රධාන පොලිස් පරීක්ෂක චන්දන වන්නිආරච්චි මහතාගේ උපදෙස් මත පරීක්ෂණ පැවැත්වේ