ශ්‍රී ලංකා නාවික හමුදාව තලෙයිමන්නාරමට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ ඊයේ (06දා) රාත්‍රියේ සිදුකළ මුර සංචාරයකදී, නීති විරෝධී ලෙස මුහුදු මාර්ග ඔස්සේ මෙරටින් විදෙස් රටකට සංක්‍රමණය වීමට උත්සහ කළ බවට සැකකෙරෙන පුද්ගලයන් 07 ක් සමග ජාවාරම්කරුවන් 02 ක් නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.
රටේ පවතින ඉන්ධන අර්බුදය හේතුවෙන් තම නිවෙස්වල සිට රාජකාරී කටයුතු සිදුකිරීමට ග්‍රාම නිලධාරීවරුන් තීරණය කර තිබේ.
Read Moreජනපති අගමැති ඉවත්වී රට භාර දුන්නොත් රටේ පාලනය හෙටම භාර ගන්නා බවත් වැටි ඇති රට මාස හයක් තුල ගොඩනැගීමට ජාතික ජන බලවේගයට හැකි බවත් ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා ඊයේ (6දා ) රාත්‍රියේ කරන්දෙණිය හිපන්කන්ද ප්‍රදේශයේ පැවති ජන හමුවකදී පැවසීය .
Read Moreබම්බලපිටිය ඉන්ධන පෝලිමක රැදී සිටි පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත්ව තිබේ. අවුුරුදු 62ක් වන මෙම පුද්ගලයා ඉන්ධන පෝලිමේ රැදි සිටියදි අසනීප වි ඇති අතර පසුව ඔහු කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමේදී ජීවිතක්ෂයට පත්ව තිබේ.
Read Moreවසරේ ඉදිරි කාලසීමාවේදිත් උද්ධමනය ඉහළ යනු ඇති බව මහ බැංකුව පවසයි. මහ බැංකුව සිය ටිවිටර් ගිණුමෙන් ප්‍රකාශ කරන්නේ ගනු ලබන ප්‍රතිපත්ති අනුව ඉන් අනතුරුව උද්ධමනය පහළ යනු ඇති බවයි.
Read Moreබේරුවල ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයට අයත් පයාගල ගාලු පාරේ අයි.ඕ.සී පිරවුම්හලේ ඉන්ධන පෝලිමක සිටි පුද්ගලයෙකු, හදිසි රෝගී තත්ත්වයක් නිසා කළුතර නාගොඩ රෝහලට ඇතුළත් කිරීමෙන් පසු අද (7දා)මිය ගොස් ඇතැයි පොලිසිය කියයි.
Read Moreභික්ෂූන් වහන්සේලා පිරිසක් හා සර්ව ආගමික නායකයන් පිරිසක් ඇතුළු සංවිධාන කිහිපයක සාමාජිකයන් පිරිසක් විසින් අද (07දා) කොළඹ කොටුව පවත්වීමට නියමිත උද්ඝෝෂණයක් සම්බන්ධයෙන් අධිකරණය නියෝගයන් නිකුත් කර තිබේ.
Read Moreශ්‍රී ලංකා මහ බැංකුව පොලී අනුපාත තවදුරටත් ඉහළ නැංවීමට තීරණය කර තිබේ. ඒ අනුව මහ බැංකුවේ මුදල් මණ්ඩලය විසින් ශ්‍රී ලංකා මහ බැංකුවේ නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය (SDFR) සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය (SLFR) පදනම් අංක 100 බැගින් පිළිවෙළින්, සියයට 14.50 සහ සියයට 15.50 දක්වා ඉහළ නැංවීමට තීරණය කර තිබේ.
Read Moreවිපක්ෂය විසින් ක්‍රියාත්මක කරන හුස්මක් වැඩසටහන යටතේ හැකිනම් අත්‍යාවශ්‍ය ඖෂධයක් හෝ අවම වශයෙන් ලබාදෙන ලෙස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මිට සති කිහිපයකට පෙර පාර්ලිමේන්තුවේදී විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතාගෙන් ඉල්ලා සිටියේය.
Read Moreඉන්ධන අර්බුදය මධ්‍යයේ සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කිරීමට සංචාරක අමාත්‍යංශය, ලංකා ගමනාගමන මණ්ඩලයේත්, ශ්‍රී ලංකා යුධ හමුදාවේත් සහය ඇතිව නව වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කර ඇත. සංචාරක අමාත්‍යංශයේ ලියාපදිංචි රියදුරන්ට, ලබාදී ඇති ක්ෂණික දුරකථන අංක වෙත කතා කර ඔවුන්ගේ ගමන් විස්තරය ලබා දීමෙන් පසු, ඔවුන්ට අවශ්‍ය ඉන්ධන ලබා දෙන බව සංචාරක හා ඉඩම් අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පවසයි.
Read Moreඉන්ධන පිරවුම් හලකදී පා පහරක් එල්ල කරනු ලැබූ හමුදා සාමාජිකයා ඇතුලු එවැනි ක්‍රියා සිදු කළ හමුදා සාමාජිකයන්ට විනිවිද භාවයෙන් දැඩි දඬුවම් ලබා දිය යුතු බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා පැවසීය.
Read Moreදුම්රිය වෘත්තිය සමිති කිහිපයක් ආරම්භ කර තිබූ වර්ජනය අත්හැරීමට එම වෘත්තීය සංගම් තීරණය කර තිබේ. ප්‍රවාහන අමාත්‍යවරයා සමග පැවැති සාකච්ඡාවකින් අනතුරුව මෙම තීරණය ගෙන තිබේ.
Read Moreමෙම කාර්යාල පහ වෙනුවෙන් අවශ්‍ය උපකරණ තොගයක් ඇති බවත් ඉතිරි වැඩ කටයුතු වෙනුවෙන් තමන්ගේ පෞද්ගලික මුදලින් රුපියල් මිලියන 100ක් පරිත්‍යාග කරන බවත් ඔහු පැවැසීය.
Read Moreමේ වන විට බලපා තිබෙන ඉන්ධන අර්බුදය හේතුවෙන් අලුත්ගම ප්‍රදේශයේ මෝටර් රථ අලෙවි සැලක ප්‍රදර්ශනය කර තිබු මෝටර් රථ පසෙකලා, පාපැදි අලෙවියට තබා තිබෙන අයුරු අද (6දා)දැකගත හැකි විය.
Read Moreඅත්අඩංගුවට ගත් හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය ඇතුළු 11 දෙනා පොලිස් ඇප මත මුදා හැරීමට කටයුතු කර තිබේ.
Read Moreජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් මහතා සමඟ දුරකථන සංවාදයක නිරත වී තිබේ.
Read Moreමේ රට තවමත් ප්‍රජාතන්ත්‍රවාදී රටක් වන බැවින් මෙරට තුළ විරෝධය පළ කරන ජනතාව අත්අඩංගුවට ගනිමින් මර්දනය කිරීම සිදු නොකළ යුතු බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාරය හර්ෂද සිල්වා මහතා පැවසීය.
Read Moreඅත්‍යාවශ්‍ය කරුණකට හැර ශ්‍රී ලංකාවේ සංචාරය කිරීමෙන් වළකින ලෙස සංචාරක උපදේශන යාවත්කාලීන කරමින් බ්‍රිතාන්‍ය සහ නවසීලන්තය එම රටවල පුරවැසියන්ට දැනුම් දී තිබේ.
Read Moreපිලියන්දල මිරිස්වත්ත සිපෙට්කෝ ඉන්ධන පිරවුම්හල ට ජීප් රථ දෙකකින් කඩා වැදුණු රත්මලාන ගුවන් හමුදා කඳවුරේ සෙබළුන් පිරිසක් ඉන්ධන හලේ හිමිකාරිනිය ට හා කළමනාකරු ට මරණීය තර්ජනය කිරීමක් සම්බන්ධයෙන් පැමිණිලි ලැබී ඇතැයි පිළියන්දල පොලිසිය පවසයි.
Read Moreරටේ වගකිවයුතු අගමැතිවරයා ලෙස රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුව තුළ පිළිතුරු ලබා දිය යුතු බවත්, එසේ නොමැතිව අග්‍රාමාත්‍යවරයා ‘මිස්ටර් බීන්’ කෙනෙක් ලෙස හැසිරීම සිදු නොකල යුතු බවත් ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා පැවසීය.
Read Moreකුරුණෑගල යක්ගහපිටිය ඉන්ධන පිරවුම්හලේ දී පසුගිය දා යුද හමුදා නිලධාරියකු විසින් පුද්ගලයකුට පා පහර එල්ල කිරීමේ සිදුවීම සම්බන්ධයෙන් ආරක්ෂක ලේකම් ජෙනරාල් (විශ්‍රාමික) කමල් ගුණරත්න මහතාගෙන් ශ්‍රි ලංකා මානව හිමිකම් කොමිසම කරුණු විමසා තිබේ.
Read Moreවරාය, නාවික හා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා අමාත්‍ය ධූරයෙන් ඉල්ලා අස්වී තිබේ.
Read Moreඅග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මුදල් අමාත්‍ය ධූරයෙන් ඉල්ලා අස්විය යුතු බව ආයෝජන ප්‍රවර්ධන අමාත්‍ය ධම්මික පෙරේරා මහතා පවසයි.
Read Moreසෙවනගල පොලිස් වසමට අයත් මහගම ඌරුසිටාවැවේ අටේ ඇලේ දියනාමින් සිටි නව හැවිරිදි දරුවෙකු ඊයේ (05දා) දියේ ගිලී මියගොස් ඇතැයි සෙවනගල පොලීසිය පවසයි.
Read Moreහිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය ඇතුළුව කාන්තාවන් කීපදෙනකු විසින් කොටුව ජනාධිපති මන්දිරය ඉදිරිපිට විරෝධතාවයක් ආරම්භ කර තිබේ.
Read Moreකිරි ගවයන් 50 පාලනය කරන තරුණ ගොවි මහතෙකු ඉන්ධන ලබා ගැනීම සඳහා තමන්ට පෝලිමේ සිටීමට නොහැකි නිසා කිරි එළදෙනෙකු ඉන්ධන පෝලිමේ ගැටගසා අනෙක් සතුන්ගේ ආහාරපාන සහ අවශ්‍යතා ඉටුකර ගැනීම සඳහා යන පුදුමසහගත පුවතක් අද (06දා) දඹුල්ල නගරයෙන් වාර්තා වේ.
Read Moreශ්‍රී ලංකා නාවික හමුදාව පුත්තලම නොරොච්චෝලේ ප්‍රදේශයේ අද අළුයම (06දා) සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුමකදී, කේරළ ගංජා කිලෝ ග්‍රෑම් 212 ක පමණ තොගයක් ප්‍රවාහනය කරමින් තිබූ වෑන් රථයක් සමඟ සැකකරුවකු නීතීයේ රැහැනට හසුකර දීමට කටයුතු කෙරිණි.
Read Moreගෝඨාභය රාජපක්ෂ මහතාට ජනපතිධුරයෙන් හා රනිල් වික්‍රමසිංහ මහතාට අගමැතිකමෙන් ඉවත්වෙන ලෙස ඉල්ලමින් අද(6දා)උදේ බලපිටිය නගර මධය හරහා විරෝධතා පාපැදි සවාරියක් ගමන් ගත්තේය.
Read Moreඅම්බලන්තොට නගරයේ සහ ඒ අවට තෙල් පෝලිම් වල සිටින තරුණ පිරිස් වලට බෙදා හැරීමට ගෙන්වන ලද මත් කුඩු ග්‍රෑම්ස් 15 යි මිලි ග්‍රෑම්ස් 300ක් සමඟ කාන්තාවක් සහ තරුණයින් දෙදෙනෙක් ඊයේ (05දා) සවස අත් අඩංගුවට බව අම්බලන්තොට පොලිසිය පවසයි.
Read Moreතමන් බලාපොරොත්තු වූ දෙය නොවුණත් තරමක් හෝ සාධනීය දේවල් ඇතිනම් 22 වැනි ව්‍යවස්ථා සංශෝධනයට සහාය නොදෙන්නේ ’ද්විත්ව රටවැසියා’ නිසා බව හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා පැවැසිය. පාර්ලිමේන්තුවේ අදහස් දක්වමින් ඔහු මේ බව පැවැසීය.
Read More