මේ වසරේ දෙසැම්බර් වන විට ලංවිම රුපියල් බිලියන 152ක අලාභයක් ලබනු ඇතැයි උපකල්පනය කරන බව විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි.
“මෙහෙයුම් ලාභයයි, ශුද්ධ ලාභයයි කියන එකේ වෙනස දන්නේ නැත්ද? ඒක ජනතාවට කියන්න අකමැතිද කියන එකයි ප්රශ්නය තියෙන්නේ.
මේ අවුරුද්දෙත් මේ මිල සංශෝධනය තුළත් විදුලි බල මණ්ඩලයට ඔක්තෝබර් මාසයේ 31 වෙනිදා වන විට බිලියන 112ක් පාඩුයි. මේ අවුරුද්දේ විතරක්. මේ අවුරුද්දේ දෙසැම්බර් මාසය වන විට බිලියන 152ක පාඩුවක් ලබන බවට උපකල්පයන කරනවා.
ජල විදුලියෙන් සියයට 100ම උත්පාදනය කරන්න පුළුවන් නම් අපිට රුපියල් 3කට එ්කකයක් දෙන්න පුළුවන්. අපිට ධාරිතාවේ අඩුවක් තිබෙනවා.”