මාලිගාවත්ත ජයන්ත වීරසේකර මාවත ප්රදේශයේදී පුද්ගලයෙකුට යකඩ බටයකින් සහ අතින් පයින් පහර දී ඝාතනය කිරීමට සම්බන්ධව පුද්ගලයන් 6 දෙනෙකු අත්අඩංගුවට ගත් බව මාලිගාවත්ත පොලිසිය පවසයි.
මෙලෙස ඝාතනයට ලක්වූයේ මාලිගාවත්ත , මස්ජිත් පාර පදිංචිව සිටි ජංගම යතුරුපැදි අලුත්වැඩියා කරන්නෙකු ලෙස රැකියාව කළ මොල්ලිගොඩ ලියනාරච්චිගේ දොන් නිශාන්ත උදය නැමැති 44 වී ඇති පුද්ගලයෙකි.
ඝාතනයට ලක්වූ පුද්ගලයා එම ප්රදේශයේ යමින් සිටියදී පළමුව එක් සැකකරුවෙකු පැමිණි යකඩ බටයකින් පහරදී ඇති අතර අනතුරුව අනෙක් සැකකරුවන් පිරිස එක්වී අතින් පයින් පහර දී බරපතළ තුවාල ලබා ජාතික රෝහලට ඇතුළත් කර සිටියදී මියගොස් තිබු බව පොලිසිය කියයි.
ඝාතනය කලක සිට පැවති ආරවුලක් හේතුවෙන් ඇති වූ බහින් බස් වීමකින් අනතුරුව සිදු වී ඇතැයි පොලිසිය කීය.
අත්අඩංගුවට ගත් සැකකරුවන් වැලිසර, කොළඹ 14 , දෙමටගොඩ හා මරදාන ප්රදේශවල පදිංචි වයස අවුරුදු 18 හා 44 අතර පසුවන්නන් වේ.
සැකකරුවන් සියලු දෙනා අලූත්කඩේ මහේස්ත්රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.