කොළඹ පස්වන පටුමගේ පිහිටි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට අයත් පෞරාණික භාණ්ඩ තිබූ නිවස විරෝධතාකරුවන්ට මුවා වී සිටි කඩාකප්පල්කාරීන් පිරිසක් විසින් ගිනි තැබිමට කටයුතු කළේය.
සාමකාමීව පවත්වාගෙන ගිය විරෝධතාව ප්‍රචණ්ඩත්වයට යොමුකරමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ පෞද්ගලික නිවස ගිනි තැබිමට ගත් ක්‍රියාමාර්ගය පිළිබඳව බොහෝ දෙනෙක් විරෝධය පළකරමින් සිටියි.
Read Moreජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා ලබන 13 දා සිය ධුරයෙන් ඉල්ලා අස්වෙන බව ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා තමන්ට දැනුම් දුන් බව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා සඳහන් කරයි.
Read Moreකොළඹ පස්වන පටුමගේ පිහිටි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ නිවස වෙත විරෝධතාකරුවන් ඇතුල්වී තිබේ. කෙසේ වෙතත් රනිල් වික්‍රමසිංහ මහතා එම නිවස තුළ සිට නොමැත.
Read Moreකතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වූ පාර්ලිමේන්තුවේ පක්ෂ නායක රැස්වීමේදි ගත් තීරණ පිළිබඳව කථානායකවරයා විසින් ලිඛිතව ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත දන්වා තිබේ.
Read Moreඅග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාාගේ නිවස අසළ පැවැති විරෝධතාව වාර්තා කිරිමට ගිය සිරස රූපවාහිනීයේ මාධ්‍ය වේදීන්ට පහරදීම සම්බන්ධයෙන් පොලිස්පතිවරයාගේ නියමයෙන් පරීක්ෂණයක් ආරම්භ කර තිබේ.
Read Moreතම පෞද්ගලික නිවස අසළ පැවැති විරෝධතාවය වාර්තා කරමින් සිටි මාධ්‍ය වේදීන් වෙත ආරක්ෂක අංශ සිදුකළ ප්‍රහරදිම අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් හෙළා දැක තිබේ. ඔහු පවසන්නේ ආරක්ෂක අංශ මෙන්ම ජනතාවත් සාමකාමීව කටයතු කරන ලෙසයි.
Read Moreඅග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ පෞද්ගලික නිවස ඉදිරිපිට පැවැත්වූ විරෝධතා ආවරණය කිරිමට ගිය සිරස රූපවාහිනී නාළිකාවේ මාධ්‍යවේදින් සිවු දෙනෙකුට අමානුෂිකව පහරදී තිබේ.
Read Moreකථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වූ පාර්ලිමේන්තුවේ පක්ෂ නායකයන් ගත් තිරණය අනුව ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා සිය ධුරයෙන් ඉල්ලා අස්වීමට කැමැත්ත ප්‍රකාශ කර ඇතැයි වාර්තා වෙයි.
Read Moreත්මන් ආණ්ඩුව ඉවත් වූ පසු එවේලේම වෙනත් ආණ්ඩුවක් පත් කළ යුතු බවද රට මේ අවස්ථාවේ දී ආණ්ඩු පාලනයක් නැතිව ගෙන යාම වරදක් වන අතර ඒ නිසා ආණ්ඩුව ඉවත් වන විට අලූත් ආණ්ඩුවක් තිබිය යුතු බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විශේෂ ප්‍රකාශය කරමින් වැඩිදුරටත් සඳහන් කරයි.
Read Moreප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා සිය අමාත්‍යධුරයෙන් ඉල්ලා අස්විමට තීරණය කර තිබේ. එසේම ඔහු ශ්‍රි ලංකා පොදුජන පෙරමුණේ පක්ෂ සාමාජිකත්වයෙන්ද ඉල්ලා අස්වීමට තිරණය කර තිබේ.
Read Moreඅග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ පෞද්ගලික නිවස අසළ උණුසුම් තත්ත්වයක් නිර්මාණය වී තිබේ. ඔහුගේ නිවස අසලට විශාල ජනතාවක් රැස්විමත් සමග මෙම උණුසුම් තත්ත්වය හටගෙන තිබේ. තත්ත්වය පාලනය කිරීම වෙනුවෙන් පොලීසිය කදුළු ගෑස් ප්‍රහාරයක්ද ඒල්ල කළේය.
Read Moreකථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා වෙත ජනපතිධුරය පිරිනමන්නේ උපරිම වශයෙන් දින 30ක කාලයකට පමණක් බවට පක්ෂ නායක රැස්වීමේදී තීරණය කර තිබේ. මෙම පක්ෂ නායක රැස්වීමේදි මූලික කරුණු හතරක් පිළිබඳව පක්ෂ නායකයන් එකඟ වී තිබේ.
Read Moreසර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීම වෙනුවෙන් තමන් අග්‍රාමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්විමට සූදානම් බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.
Read Moreපවතින අර්බුදකාරී තත්ත්වය යටෙතේ් ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතාට හා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට සිය ධුරවලින් ඉල්ලා අස්වෙන ලෙස කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති පක්ෂ නායක රැස්වීමේදි තීරණය වී තිබේ.
Read Moreකථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන පාර්ලිමේන්තුවේ පක්ෂ නායක රැස්විමේදි සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිළිබඳව සාකච්ඡා වී ඇති බව වාර්තා වෙයි. ඒ පිළිබඳව බොහෝ දෙනෙකුගේ අදහස් ප්‍රකාශ වී ඇති අතර මූලික එකගතාවයක්ද පවතින බව සඳහන් වෙයි.
Read Moreඅග්‍රාමාත්‍ය නිල නිවස වන කොළඹ අරලිය ගහ මන්දිරයද විරෝධතාකරුවන් විසින් වටලා ඇති බව වාර්තා වෙයි. පිරිසක් එය තුළටද ගොස් ඇති බවත් වාර්තා වෙයි.
Read Moreපවතින අර්බුදකාරී තත්ත්වය යටතේ රටක් ලෙස ගත යුතු ඉදිරි ක්‍රියාමාර්ග සාකච්චා කිරිම වෙනුවෙන් කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමෙන්තුවේ පක්ෂ නායක රැස්වීම ආරම්භ කළේය.
Read Moreජනපති ගෝඨාභය රාජපක්ෂ මහතාත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාත් සිය ධුරවලින් ඉල්ලා අස්විය යුතු බවත් අග්‍රාමාතය රනිල් වික්‍රමසිංහ මහතා කැඳවන සාකච්ඡා සඳහා එක් නොවන බවත් විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
Read Moreඅද පස්වරුවේ පැවැත්වීමට නියමිත පක්ෂ නායක රැස්වීමේදී ගන්නා ඕනෑම තීරණයකට තමන් එකඟවන බව ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට දන්වා ඇති බව වාර්තා වෙයි.
Read Moreරට තුල උද්ගතව ඇති තත්ත්වය යටතේ අද පස්වරු 4.00ට පක්ෂ නායක රැස්විමක් කැඳවීමට කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා කටයුතු කර තිබේ.
Read Moreතත්ත්වය දරුණු විය හැකි බවට ආරක්ෂක අංශ අනතුරු ඇඟවීමෙන් අනතුරුව ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා ආරක්ෂක පියවරක් ලෙස ඊයේ රාත්‍රියේදී ජනපති මන්දිරයේ සිට යුද හමුදා මූලස්ථානයට ගොස් ඇති බවද වාර්තා වෙයි. කෙසේ වෙතත් ජනපතිවරයා සිටින තැනක් මේ වන වන තෙක්ම තහවුරු වී නොමැත.
Read Moreජනපති ගෝඨාභය රාජපක්ෂ මහතාට සිය ධුරයෙන් ඉල්ලා අස්වෙන ලෙස ශ්‍රි ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරු මෙන්ම පාර්ලිමේන්තුව නියෝජනය කරන මන්ත්‍රීවරු ඉල්ලා ඇති බව වාර්තා වෙයි.
Read Moreඋණ රෝගී තත්ත්වයකට ප්‍රතිකාර ලබා ගැනීම වෙනුවෙන් සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා රෝහල් ගත වී ඇති බව වාර්තා වෙයි. කෙසේ වෙතත් ඔහුගේ තත්වය බරපලත නොවන බවත් එය සාමාන්‍ය වෛරස් උණ තත්ත්වයක් තොරතුරු වාර්තා වෙයි.
Read Moreඅග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විශේෂ හදිසි පක්ෂ නායක රැස්වීමක් කැඳවීමට කටයුතු කර තිබේ. රටේ ඇතිව තිබෙන තත්ත්ව පිළිබඳව මෙන්ම ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා මෙම පක්ෂ නායක රැස්වීම කැඳවා තිබේ.
Read Moreකොළඹ කොටුව අරලිය ගහ මන්දිරයත් අරගලකරුවන්ගේ ග්‍රහණයට ලක්ව තිබේ. එහි ඇති පිහිනුම් තටාකයේ ජනතාව විනෝද වන අයුරු දැක්වෙන වීඩියෝවක්ද මේ වන විට සමාජ මාධ්‍ය තුළ හුවමාරු වෙයි.
Read Moreකොළඹ ජනපති ලේකම් කාර්යාලය අරගලකරුවන් විසින් සිය ග්‍රහණයට ගත්තේය. විශාල ජනතාවක් එක්වරම ජනපති ලේකම් කාර්යාලය ඇතුළට කඩා වැදුණි. ආරක්ෂක අංශ සාමාජිකයන්ද කිසිවක් කර කියා ගත නොහැකිව සිටින අයුරු දක්නට ලැබුණි.
Read Moreජනපති ගෝඨාභය රාජපක්ෂ මහතාට සිය ධුරයෙන් ඉවත් වන ලෙස බලකරමින් පවත්වන විරෝධතාව සඳහා සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී, ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා එක්ව සිටින අයුරු දක්නට ලැබුණි.
Read Moreජනපති ගෝඨාභය රාජපක්ෂ මහතාට සිය ධුරයෙන් ඉවත් වන ලෙස සඳහන් කරමින් මහරගම සිට කොළඹ වෙත ගමන් කළ පාගමනකට නොසිතූ අවස්ථාවකදී පොලිස් නිලධාරියෙක් එක්විය.
Read Moreජනපති මන්දිරයට පිවිසෙන මාර්ගයට දස දහස් ගණන් ජනතාව එක්රැස්වී විරෝධතා දැක්වීම හේතුවෙන් චැතම් ස්ට්‍රිට් හි දැඩි උණුසුම්කාරී තත්ත්වයක් නිර්මාණය වී තිබේ.
Read More