saravita-anim2

2025 ඔක්තෝබර් මස 01 වන බදාදා

2025 ඔක්තෝබර් මස 01 වන බදාදා

Latest News - timelapse 5097 hours ago

LATEST

පැය 24කට පාර්ලිමේන්තුවේ වාරාවසාන කරයි

calendar_today 2022 ජුලි 21 - 15:34 remove_red_eye - 967  

පැය 24ක් සඳහා තමන් පාර්ලිමේන්තුවේ වාරාවසාන කරන බව ජනපති රනිල් වික්‍රමසිංහ මහතා පක්ෂ නායකයන්ට දන්වා තිබේ. නව චාරිත්‍රානුකූල ආරම්භයක් වෙනුවෙන් මෙසේ පාර්ලිමේන්තුව පැය 24කට වරාවසාන කරන බව ජනපතිවරය ප්‍රකාශ කළේ යැයි පාර්ලිමේන්තු මන්ත්‍රී මනෝ ගනේෂන් මහතා පවසයි.

ඩෙංගු මර්දන විශේෂ දිනයක් ලෙසට ලබන 25 දා සඳුදා ප්‍රකාශයට පත්කර තිබෙන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පවසයි.

Read More

අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍යබල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේට සහ රත්කරව්වේ ජිනරතන හිමි ට කොටුව මහෙස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා අද (21දා) වරෙන්තු නිකුත් කළේය.

Read More

තමාට එල්ලවන චෝදනා සම්බන්ධයෙන් කඩිනම් පරීක්ෂණයක් පවත්වන ලෙස හිටපු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගෙන් අද (21දා) ඉල්ලා සිටියේය.

Read More

ජනාධිපතිවරයා දිවුරුම් දෙන අවස්ථාවේ රූපවාහිනී සජීවී විකාශ කටයුතු අඩාල වෙමින් පාර්ලිමේන්තු සංකීර්ණයේ විදුලිය විසන්ධි වීම සම්බන්ධව පොලිසිය පරීක්ෂණ අරඹා තිබේ.

Read More

ධම්මික පෙරේරා මහතා පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර ඇතැයි වාර්තා වේ .

Read More

ජාතික ඉන්ධන බලපත්‍රයට අනුව ඉන්ධන ලබාදීමේ නියමු ව්‍යාපෘතිය තාක්ෂණික දෝෂ හේතුවෙන් ප්‍රමාද වන බව වාර්තා වේ.

Read More

පිටිගල ප්‍රදේශයේ ගෑස් පෝලිමේ සිටි අයකුගේ හිසට අද (21දා)පොල් ගෙඩියක් වැටි බරපතල තුවාල ලබා රෝහල් ගත කල බව පිටිගල පොලිසිය පවසයි .

Read More

දුම්රිය ප්‍රවේශපත්‍ර ගාස්තු හෙට (22දා) මධ්‍යම රාත්‍රියේ සිට ඉහළ දැමීමට නියමිත බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

Read More

සමන් ඒකනායක මහතා ජනාධිපති ලේකම්වරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් පත් කර තිබේ.

Read More

සමගි තරුණ බලවේගයේ සභාපති මයන්ත දිසානායක මහතා එම ධූරයෙන් ඉල්ලා අස්වී තිබේ.

Read More

අද පැවැති පක්ෂ නායක රැස්වීමේදී තමන් හා ජනපති රනිල් වික්‍රමසිංහ මහතා අතර හමුවක් සිදුවූ බව විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

Read More

මන්නාරමට උතුරු දෙසින් වූ මුහුදු තීරයට අනවසරයෙන් ඇතුලුවී මසුන් අල්ලමින් සිටි ඉන්දීය ට්‍රෝලර් යාත්‍රාවක් සමගින් ඉන්දීය ධීවරයින් 06 දෙනෙකු ඊයේ (20දා) අත්අඩංගුවට ගත් බවට නාවික හමුදාව පවසයි.

Read More

යාපනය කරෙයිනගර් ප්‍රදේශයේ පැරණි කසිරුණා වෙරලතීරයට ඔබ්බෙන් වූ මුහුදු තීරයේදී රුපියල් මිලියන 172 කට අධික වටිනාකමින් යුතු කේරල ගංජා කිලෝ 575 ග්‍රෑම් 600 ක ප්‍රමාණයක් සමග සැකකරුවන් දෙදෙනෙකු ඊයේ (20දා) අත්අඩංගුවට ගත් බවට නාවික හමුදාව පවසයි.

Read More

අටවැනි විධායක ජනපති ලෙස රනිල් වික්‍රමසිංහ මහතා මීට සුළු වේලාවකට පෙර පාර්ලිමේන්තු සංකීර්ණයේදී දිවුරුම් දුන්නේය. අගවිනිසුරුවරයා ඉදිරියේදී ජනපතිවරයා සිය දිවුරුම කියැවීය. ත්‍රිවිධ හමුදාපතිවරුන් ඇතුළු ආරක්ෂක ප්‍රධානින් මෙම අවස්ථාවට එක්විය.

Read More

(LIVE VIDEO) ශ්‍රී ලංකාාවේ අටවැනි විධායක ජනපති ලෙස රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේදි දිවුරුම් දීමේ කටයුතු මේ වන විට ආරම්භ වී තිබේ.

Read More

තරගය පැවැත්වෙන්නේ පාලක ජාතික ප්‍රජාතන්ත්‍රවාදී සන්ධානයේ ද්‍රෞපදී මුර්මු සහ විපක්ෂයේ අපේක්ෂක යෂ්වන්ත් සිංහ අතරය.

Read More

වත්මන් සාර්ව ආර්ථික තත්ත්වයන් සහ/හෝ කොවිඩ් -19 වසංගතය හේතුවෙන් සිය ආදායමට හෝ ව්‍යාපාරයන්ට අහිතකර බලපෑම් ඇති වී ඇති ණය ගනුදෙනුකරුවන් වෙත, බැංකු අංශයේ ස්ථායිතාව කෙරෙහි අනවශ්‍ය ආතතියක් ඇති නොවන පරිදි, මාස හයක කාලයක් සඳහා සුදුසු සහන ලබා දෙන ලෙස ශ්‍රී ලංකා මහ බැංකුව බලපත්‍රලාභී බැංකු වෙතින් ඉල්ලා ඇත.

Read More

ලෝක සෞඛ්‍ය සංවිධානයට අනුව, පශ්චාත් කොවිඩ්-19 තත්ත්වය පුද්ගලයෙකුට රාජකාරියක් හෝ ගෙදර දොරේ වැඩ වැනි දෛනික ක්‍රියාකාරකම් කිරීමට ඇති හැකියාවට එය බලපෑ හැකිය.

Read More

නිශ්ශබ්දව ඉන්න අයගේ අදහසුත් අපි පිළිගන්න ඕන. අරගලයක් කියන්නේ ආණ්ඩුවක් පෙරලන්න, ගෙවල් ගිනි තියන්න. ජනාධිපති කාර්යාලය, අගමැති කාර්යාලය අල්ලගන්නවා කියන්නේ ප්‍රජාතන්ත්‍රවාදය නෙමෙයි. ඒක නීති විරෝධියි. නීති විරෝධී අයට අපිට නීතිය අනුව ක්‍රියා කරනවා. තරුණයන්ට අනාගතය හදන්න මම සම්පූර්ණ සහාය දෙනවා

Read More

ජාත්‍යන්තර වෙළඳ අමාත්‍ය පෙනී මොර්ඩොන්ට් කොන්සර්වේටිව් නීති සම්පාදකයින් අතර අවසන් වටයේ ඡන්ද විමසීමෙන් ඉවතට විසිවිය. එහිදී සුනක් ඡන්ද 137ක් ලබාගත් අතර ට්‍රස්ට ඡන්ද 113ක් ලබාගෙන තිබුණි.

Read More

ප්‍රශ්නය - ජනපතිතුමනි ජනතාව කියනවා වෙනසක් ඕන කියලා. ඔබ රාජපක්ෂලාගේ මිතුරෙක් නේද?එතකොට කොහොමද වෙනසක් වෙන්නේ? පිළිතුර- රාජපක්ෂලා කොහොමද මගේ පැරණි මිතුරන් වෙන්නේ. මම හැමදාම හිටියේ ඔවුන්ට විරුද්ධව. ඔයා අද ඇවිල්ලා කියලා රාජපක්ෂලා මගේ මිතුරන් කියලා. මම එක දෙයක් කියන්නම්. ජනමාධ්‍ය වේදියෙක් වුණාම ඔබ ගැඹුරින් අධ්‍යනය කරන්න ඕන. මේ වගේ ප්‍රශ්න අහන්න එපා. ප්‍රශ්නය - ඔබතුමා රාජපක්ෂලාගේ මිතුරකේ නෙමෙයිද? පිළිතුර - මම රාජපක්ෂලාගේ මිතුරෙක් නෙමෙයි. මම

Read More

කප්පාදුව ස්වේච්ඡාවෙන් කෙරෙන නමුත් බලශක්ති හදිසි අවස්ථාවකදී ඒවා අනිවාර්ය කිරීමට යෝජනා යුරෝපා සංගමයට ඉඩ දෙයි.

Read More

ගෞරවනීය හිටපු මහ බැංකුකරුවකු වන ඩ්‍රාගි මූල්‍ය වෙළෙඳපොළ රටේ ස්ථාවරය ඉහළ නංවා තිබූ මාස ගණනාවක සාපේක්ෂ ස්ථාවරත්වයකින් පසුව ලෝක ආර්ථික අර්බුදය මධ්‍යයේ ඉතාලියේ ආර්ථිකය දුර්වල විය.

Read More

ශ්‍රී ලංකාවේ අටවැනි විධායක ජනපතිවරයා ලෙස එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා තෝරා පත්කරගත් බව සඳහන් කරමින් පාර්ලිමේන්තු මහලේකම්වරයා විසින් අතිවිශේෂ ගැසට් පත්‍රයක් නිකුත් කර තිබේ.

Read More

ශ්‍රී ලංකාවේ අටවැනි විධායක ජනපති ලෙස තේරී පත්වූ රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවෙන් පිටතට පැමිණීමෙන් අනතුරුව පාර්ලිමේන්තුවේ ආරක්ෂාවට යොදවා සිටි ආරක්ෂක අංශ සාමාජිකයන් හමුවීමට කටයුතු කළේය.

Read More

’’අපි බලාගෙන ඉන්නවා කොහොමද වෙන්නේ කියලා. මොන ආණ්ඩුව ආවත් රටේ ජනතාවට එපැයි සේවය කරන්න. (ආණ්ඩුව පිහටුවීම සම්බන්ධයෙන්) තවමත් පක්ෂයෙන් තීරණයක් අරගෙන නෑ. අපේ පක්ෂය ගන්න තීන්දු අනුව තමයි මම වැඩ කරන්නේ. අපි ඩලස්ව ඉදිරිපත් කළා. අපි ඡන්දේ දුන්නා. පැරදුණා ඉතින්. කවුරු හරි දිනන් ඒපැයි. දිනන අය දින්නා. පැරදුන අය පැරදුනා. (ගෝල්ෆේස් අරගලය) දැන් ඉතින් ඒ්ක ඇති කියලයි කියන්නේ.’’

Read More

විදේශගතව සැඟව සිටින මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන රත්මලාන කුඩු අංජු නැමැත්තාගේ මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරත අඹු සැමි යුවලක් ජාවාරම් කරන ලද මුදල් වලින් මිලදී ගෙන තිබූ රුපියල් කෝටි දෙකකට ආසන්න වටිනා නිවාස දෙකක් පිහිටි ඉඩම් දෙකක් අද (20දා) රජයට පවරා ගත් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව නීති විරෝධී වත්කම් හෝ දේපල විමර්ශන කොට්ඨාසය කියයි.

Read More

ශ්‍රි ලංකා ප්‍රජාතන්ත්‍රවාදි ජන රජයේ 8 වන විධායක ජනාධිපතිවරයා වශයෙන් රනිල් වික්‍රමසිංහ මහතා අද (20දා) පාර්ලිමේන්තුවේ පැවති රහස් ජන්දයෙන් තේරි පත්විමේ නිසා හැටන් නගරයේ එක්සත් ජාතික පාක්ෂිකයන් පිරිසක් රතිඤ්ඤා දල්වමින් සතුට පල කලහ.

Read More

ගාලු මුවදොර, බණ්ඩාරනායක පිළිරුව පිහිටි ස්ථානයේ සිට මීටර් 50ක ප්‍රදේශයට කිසිදු පාර්ශ්වයකට ඇතුළුවීම වළක්වාලමින් කොළඹ කොටුව මහෙස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා විසින් අද (20දා) නියෝගයක් නිකුත් කළේය.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.