වනජිවි සංරක්ෂණ දේපාර්තමේන්තුව විසින් වන අලි මිනිස් ගැටුම පාලනය කිරිම සඳහා ඉකුත් වර්ෂ දෙක තුලදි (2019,2020) විදුලි වැටවල, ඉදිකිරිම හා නඩත්තු කිරිම සදහා හතලිස්පන් කෝටි පනස්පන්ලක්ෂ හාරදහස් නමසිය හැටනමයක මුදලක් (455,504,969) වැය කළද අලි මිනිස් ගැටුමේ අඩුවිමක් සිදුවි නොමැති බව ජාතික විගණන කාර්යාලය පවසයි.
2019 වර්ෂයේ දි විදුලි වැටවල් ඉදිකිරිම හා නඩත්තු කිරිම සදහා රුපියල් දහනමකෝටි, හැත්තෑ නමලක්ෂ අසුතුන්දහස් හයසිය තිස්පහක(197,983,635) මුදලක් වැයකොට ඇත. 2020 වර්ෂයේ දි මේ සදහා වැයකොට ඇති මුදල රුපියල්විසිපන්කෝටි හැත්තෑපන්ලක්ෂ විසිඑක්දහස් තුන්සිය තිස්හතරකි.(257,521,334)
දිගින් කිලෝමිටර් 4,756ක් වු විදුලි වැටවල්මේ වනවිට ඉදිකොට ඇත. එසේවුවද පසුගිය වසර 05 තුල අලි මරණ, මිනිස් මරණ, හා දේපල හානි සැලකිමේ දි විදුවැටවල් ඉදිකළද අලි මිනිස් ගැටුම් අවම විමක් වි නොමැති බවද විගණනය මගින් අනාවරණය කොට ඇත.
දිස්ත්රික්ක 19ක පිහිටි ප්රාදේශිය ලේකම් කොට්ඨාශ 133ක වන අලි මිනිස් පවතින බව වන ජිවි සංරක්ෂණ දේපාර්තමේන්තුව පෙන්වා දෙයි.
මෙකි ප්රදේශවල ආර්ථික ක්රියාකාරිත්වය සිඝ්රයෙන් වර්ධනයවිම, වන අලින්ගේ සංචරණ මංපෙත්වලට බාදා ඇතිවිම, වන අලි මිනිස් ගැටුම ප්රධාන වශයෙන් ඇතිවිමට හේතුවි ඇත.
රවින්ද්රශ්රිලාල්/ චන්දන සමරවික්රම