කෘෂිකර්ම අමාත්‍යාංශයේ විදේශ ව්‍යාපෘතියක් වන කෘෂි අංශ නවීකරණ ව්‍යාපෘතිය යටතේ දිවයින පුරා ඉදි කරමින් පවතින ආදර්ශ කෘෂි උද්‍යාන වැඩ පිළිවෙළ යටතේ මඩකලපුව ප්‍රදේශයේ වගා කර තිබෙන දෙළුම් වගාව මේ වනවිට සාර්ථකව වැවී තිබේ.
ඉන්දියාවේ වගා කරන විශේෂ දෙළුම් ප්‍රභේදයක් වන භගවාන් නැමැති දෙළුම් ප්‍රබේදය මෙහි වගා කර ඇති බව කෘෂි අංශ නවීකරණ ව්‍යාපෘතිය පවසයි. මඩකලපුව කළවංචිකුඩි ප්‍රදේශයේ හා මුලතිව් දිස්ත්‍රික්කයේ ද මුහුද ආසන්නව මෙම දෙළුම්වගාවන් පළමු අදියර යටතේ අක්කර 150ක් හා දෙවන අදියර යටතේ අක්කර 150ක් වශයෙන් අක්කර 300ක වගා කර තිබේ.
දැනට මෙම දෙළුම් වගාවන්ට මාස 09ක් ගත වී ඇති අතර අස්වනු නෙලීමට ගත වන සමස්ත කාලය මාස 18කි.
ඒ අනුව තවත් මාස 09 මෙම වගාවන්හි අස්වනු නෙලීමට හැකිවන අතර අක්කර භාගයකින් රුපියල් ලක්ෂ 64ක ආදායමක් ඉපයිය හැකි වීම මෙම වගාවේ සුවිශේෂත්වයයි.
දේශීය පරිභෝජනයට මෙන්ම අපනයනය ඉළක්ක කරමින් මෙම දෙළුම් වගාවන් සිදු කර තිබේ. ගොවීන් 600ක් විසින් දැනට දෙළුම් වගාවේ නිරතව සිටිති.
පසුගියදා කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා කළවංචිකුඩි දෙළුම් වගාව පිළිබඳ කරුණු සොයා බැලීම සඳහා එහි නිරීක්ෂණ චාරිකාවක නිරත විය.
එහි දී අදහස් පළ කළ අමාත්‍යවරයා අඩු ඉඩම් ප්‍රමාණයකින් වැඩි අස්වැන්නක් හා ආදායමක් ඉපයිය හැකි වගාවන් සඳහා අවධානය යොමු කළ යුතු කාලය එළඹ ඇති බවත්, විශේෂයෙන් තරුණ ප්‍රජාව තුළ අපනයනය ඉළක්ක කරගත් බෝග වගාවන් කෙරෙහි උනන්දු කරවීමටත් මෙම දෙළුම් වගාව විශාල උත්තේජනයක් සපයනු ඇතැයි ද පැවසීය.
ආදර්ශ කෘෂි උද්‍යාන ලෙස සංවර්ධනය කෙරෙන මෙම වගාවන් සෙසු ගොවීන් ද ව්‍යාපාරික කෘෂිකර්මාන්තයට උනන්දු කරවීම තම අරමුණ බවද සඳහන් කළේය.
