ජනතාව ඉල්ලන සිස්ටම් චේන්ජ් එකකට දේශපාලනඥයින් එකග වුවත් ඇතැම් රාජ්‍ය නිළධාරීන් ඊට කැමති නැති බැවින් එම වැඩපිළිවෙල කඩාකප්පල් කිරීමට ඔවුන් කටයුතු කරමින් සිටින බවට නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා චෝදනා කරයි.
ඔහු පෙන්වා දෙන්නේ රාජ්‍ය යාන්ත්‍රණය රටට වාසිදායක ලෙස පවත්වා ගෙන යාමේ වගකීම ඇතැම් රාජ්‍ය නිළධාරීන් පැහැර හරින බවයි.
ඉදිකිරීම් ක්ෂේත්රයේ සිටින නිපුණ ශ්‍රමිකයින් ලියාපදිංචි කිරීමේ වැඩසටහන වසර 5ක් යනතුරු ක්‍රියාත්මක කිරීමට නොහැකිවීම සම්බන්ධයෙන්ද ඇමතිවරයා මෙහිදී ඉදිකිරීම් කර්මාන්ත සංවර්ධන අධිකාරියේ නිළධාරීන්ට චෝදනා කළේය.
“අමාත්‍යංශයක ෆයිල් එකක් ඉල්ලුවම ලේකම්වරයා හරහා අමාත්‍යවරයා ගාවට එන්න මාස ගාණක් යනවා. ඒකතමයි ඇත්ත. රාජ්‍ය ආයතනවල ඉන්න ට්‍රෙෂරි නිළධාරීන් සිටිනවා. ඒ නිළධාරීන් හරියට වැඩ කළානම් ආයතන කඩා වැටෙන්නේ නැතැයිද” ඇමතිවරයා සඳහන් කළේය.
ඇමති ප්‍රසන්න රණතුංග මහතා මේ බව කියා සිටියේ ඉදිකිරීම් ක්ෂේත්රයේ නිපුණතාවය සහිත ඉදිකිරීම් ශිල්පීන් ලියාපදිංචි කිරීම සහ ඔවුන් සදහා ශිල්පි හැදුනුම්පත් නිකුත් කිරීමේ අවස්ථාවට පසුගියදා (10) සහභාගි වෙමිනි. මෙම උත්සවය කොළඹ 07, සව්සිරිපායේ පිහිටි ශ්‍රවණාගාරයේදී පැවැත්විණ.
මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා මෙසේද පැවසීය.
“දේශපාලඥයින් ලෙස අපි රජයේ ආයතනවල කටයුතු වලට දේශපාලන මැදිහත්වීම් සිදු කරන්නේ නැහැ. සැබෑ අරගලකරුවන්ට අවශ්‍ය වුණේ සිස්ටම් චේන්ජ් කරන්නයි. සිස්ටම් චේන්ජ් කිරීමට අපිත් එකගයි. පසුගිය සමයේ ඇති වු ආර්ථික තත්ත්වය මත ජනතාව ප්‍රශ්න රැසකට මුහුණ දුන්නා. මිනිස්සු පාරට බැස්සේ ඒ ප්‍රශ්න නිසා පීඩාවට පත් වුණු නිසයි.
මේ පීඩාවට පත් වූ ජනතාවගේ විරෝධය මතින් තමයි අරගලය ඉදිරියට ගියේ. හැබැයි ටික කාලයකදී මේ ඇත්ත අරගලය දේශපාලන වුවමනාවන් විසින් හයිජැක් කළා. එහෙම හයිජැක් කරලා ආණ්ඩු වෙනසකට මගපාද ගන්නයි ඔවුන් හැදුවේ. ඡන්දයකින් බලයට එන්න බැරි අයට ඕන වුනේ අරගලයට මුවාවෙලා රටේ බලය අල්ලන්නයි. ජනතාව අද මේ තත්ත්වය වටහාගෙන තිබෙනවා.
ඉදිකිරීම් කර්මාන්ත සංවර්ධන අධිකාරිය විසින් ඉදිකිරීම් ක්ෂේත්රයේ සිටින නිපුණ ශ්‍රමිකයින් ලියාපදිංචි කිරීමේ වැඩසටහන සැලසුම්කර තිබුණේ 2018 වසරේදියි. ඒ සඳහා ප්රතිපාදනත් වෙන්කර තිබුණා. නමුත් එම වැඩසටහන ක්‍රියාත්මක කරන්න වසර 5ක් ගතවුණා. එච්චර කාලයක් ප්‍රමාද වුනේ නිළධාරීන් තමන්ගෙ වගකීම පැහැර හැරිය නිසයි. ඒ ගැන මං කණගාටු වෙනවා. ඒ නිසා මං කියනවා රාජ්‍ය නිළධාරීන් තවම මේ සිස්ටම් චේන්ජ් එකට ලෑස්ති නෑ කියලා. ඇතැම් රාජ්‍ය නිලධාරින් මේ සිස්ටම් චේන්ජ් එකක් කිරීමට අපි දරණ උත්සහයටත් අකුල් හෙලනවා. බාධා කරනවා.
බොහෝ අය කියනව උගතුන්ට රට භාර දෙන්න ඕන කියලා. පාර්ලිමේන්තුවෙත් උගත්, බුද්ධිමත් නිතීඥයන්, වෛද්‍යවරුන්, ව්‍යාපාරිකයන්,වෘත්තීය වේදීන් ඉන්නවා. මේ ආයතනයෙත් උගත්, බුද්ධිමත් නිළධාරීන් ඉන්නවා. සභාපතිවරයා ඇතුළු සියල්ලන්ගේම වගකීම තමයි ආයතනය රටට වැඩදායක ආයතනයක් ලෙස පවත්වා ගෙන යාම. එහෙම නොවුනොත් ආයතන කඩාගෙන වැටෙනවා. මේ ආයතනයෙන් බිහිවන ශ්‍රමිකයන්ට ලෝකයේ හොඳ ඉල්ලුමක් තියෙනවා. ලෝකයේ ප්රවණතාවයන්ට ගැළපෙන ලෙස ඉදිකිරීම් ශිල්පීන් බිහිකිරීම මේ ආයතනයේ වගකීමක් යැයි” ද අමාත්‍යවරයා පැවසීය.
