තානාපතිවරුන් සිව් දෙනෙකුට සහ මහ කොමසාරිස්වරයෙකුගේ සේවා දිගු කිරීමට විදේශ අමාත්‍යාංශය කළ ඉල්ලීමක් ජනාධිපති කාර්යාලය විසින් ප්‍රතික්ෂේප කර ඇති බව සන්ඩේ ටයිම්ස් පුවත් සේවය තොරතුරු වාර්තා කරයි.
මෙම දූත මණ්ඩල ප්‍රධානීන් අතරින් එක් අයෙක් දැනටමත් විශ්‍රාම යන දිනය සම්පූර්ණ කර ඇති අතර තවත් සිව් දෙනෙකු ලබන වසර වන විට විශ්‍රාම යන වයසට එළැඹෙයි. එසේ වුවත් ඔවුන්ගේ ධුර කාලයන් තවත් වසර තුනක් දීර්ඝ කිරීමට ඉල්ලා තිබේ.
කෙසේ වෙතත්, රාජ්‍ය අංශයේ සේවකයින් වයස අවුරුදු 60 දී විශ්‍රාම ගත යුතු බවට රජයේ ප්‍රතිපත්තිය අනුව කටයුතු කරමින් මෙම නිලධාරීන්ට සේවා දිගුවන් ලබානොදීමට තීරණය කර තිබේත.
බෙල්ජියම, ඕමානය, පෝලන්තය, සෞදිය යන රටවල තානාපතිවන්ගේ හා මාලදිවයිනේ මහ කොමසාරිස්වරයාගේ සේවා දිගුවන් මෙසේ ප්‍රතික්ෂේප කර තිබේ.